පරාජිත ඉන්දියා ක්‍රීඩකයන් රැකගන්න බොලිවුඩ් තරු එක්වෙති | දිනමිණ

පරාජිත ඉන්දියා ක්‍රීඩකයන් රැකගන්න බොලිවුඩ් තරු එක්වෙති

චැම්පියන් කුසලානය අහිමි වීමෙන් කෝපයටත් වේදනාවටත් පත් ඉන්දියා‍නුවෝ රූපවාහිනි පොලොවේ ගසමින්, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඡායාරූප පුළුස්සමින් සහ ඔවුන්ට එරෙහිව වීදි පුරා සටන් පාඨ කියමින් ප්‍රකෝපය පළකරද්දී බොලිවුඩ් සිනමා තරු එක්ව ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ට්විටර් මෙහෙයුමක් අරඹමින් ජයග්‍රහණය කළත් පරාජය වුවත් තමන් ඔවුන් සමග සිටින බව ප්‍රචාරය කරමින් සිටීවිශේෂයෙන් විරාත් කෝලි, අෂ්වින් සහ යුව්රාජ් සිං ඔවුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබුණි. පරාජයට පත් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගේ ‍නිවෙස් වලට විශේෂ පොලිස් ආරක්ෂාව සලසා තිබූ බැවින් ඒවාට අලාභ හානි කිරීමට ඔවුන්ට හැකියාව ලැබී නැත.

උත්තර්කන්ද් හි හරිද්වාර් හි පමණක් රූපවාහිනි යන්ත්‍ර විශාල සංඛ්‍යාවක් පොලොවේ ගසා විනාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට නැවත මවුරටට පැමිණීම පිළිබඳව පවා දෙවරක් සිතන්නට සලස්වමිනි. දෝනි ගේ නිවස අවට රැස් වූ පිරිස් ආරක්ෂක භටයන් ද නොසලකමින් ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමට යොමු වී අතර එය මැඩ පවත්වා ගැනීමට අසීරු වී ඇත. මේ අතර ප්‍රාදේශීය පොලිස් ස්ථාන වලට රතිඤ්ඤා දල්වා විසි කරමින් සමහර පිරිස් සිය විරෝධය දක්වා ඇත. මේ සඳහා කාන්තාවන් පවා වීදි බැස ඇති අයුරු දක්නට ලැබුණි. 

ඉන්දියා ටුඩේ


නව අදහස දක්වන්න