රසැති ගුණැති අයිස්ක්‍රීම්

වයස් බේදයකින් තොරව, ලොකු පොඩි කාගේත් හිත් ගත් ආහාරයක් ලෙස අයිස් ක්‍රීම් හැඳින්වීමට පුළුවන. සීතල ගතියත්, කිරි රසයත් මිශ්‍ර වුණු අයිස් ක්‍රීම්වල නම ඇසුණු විට, ඕනෑම කෙනකුගේ කටේ කෙළ උනනවාට සැකයක් නැත.

අයිස් ක්‍රීම්වල විටමින් ඒ අඩංගු ය. ඒ මඟින්, ඇස්වල රෝග අවම කෙරේ.එහි අන්තර්ගත විටමින් ඩී මඟින් වකුගඩු රෝග වළක්වයි. විටමින් කේ මඟින් සිරුරේ ලේ ගමනාගමනය මෙන් ම,රතු රුධිරාණු නිපදවීම ක්‍රමවත් කරයි. විටමින් බී12 මඟින් මිනිසාගේ මතක ශක්තිය වර්ධනය කෙරේ. ඒ වාගේ ම, මෙහි අන්තර්ගත කැල්සියම් මඟින් සිරුරේ අස්ථි පද්ධතිය ආරක්ෂා වේ.

ලන්ඩනයේ මානසික සෞඛ්‍ය ආයතන මඟින් කළ පර්යේෂණයකින්, මිනිසාගේ මොළය වර්ධනය වීම සඳහා අයිස්ක්‍රීම් වැදගත් ආහාරයක් බව සනාථ කර ඇත. ඒ වාගේම, අවධානයෙන් යුක්තව යම් කාර්යයක් කිරීම සඳහා ද මෙය වඩාත් උචිත ය. අයිස් ක්‍රීම් මඟින් සිදු කරන වැදගත් ම කාර්යය වන්නේ, ශරීර ස්ථුලතාව අඩු කිරීම ය.

පමණ ඉක්මවා අයිස් ක්‍රීම් ආහාරයට නොගෙන, යම් පාලනයකින් යුක්තව ආහාරයට ගැනීමෙන්, හැඩැති සිරුරක් ලබා ගත හැකි බව බටහිර වෛද්‍යවරු පෙන්වා දෙති. අයිස් ක්‍රීම් ආහාරයට ගැනීමෙන්, පිළිකා වැළඳීමේ අවදානම ද අවම කර ගත හැකි ය. පෝෂණ සංඝටක ගණනාවක් ඇති බැවින්, ගැබිණි මවුවරුන් සඳහා ද අයිස් ක්‍රීම් උචිත බව වෛද්‍යවරු පෙන්වා දෙති. එහෙත්, එවැන්නන් අයිස් ක්‍රීම් ආහාරයට ගැනීමට ප්‍රථමයෙන් , තම පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අමතක නොකළ යුතු ය.

 

අන්තර්ජාලය ඇසුරිනි
මදාරා මුදලිගේ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...