ඇඟට ගුණ ලූණු කොළ

ආහාරවල රසය වැඩි කර ගැනීමට මෙන් ම, ආහාර සැරසීම සඳහා භාවිත වන එළවළුවක් ලෙස, ලූණු කොළ හැඳින්විය හැකි ය. ඉතා ගුණදායී ආහාරයක් වන මේවා, සාම්ප්‍රදායික චීන වෙදකම්වලදී ද භාවිත වේ. අඩු කැලරි ප්‍රමාණයක් හා වැඩි විටමින් ප්‍රමාණයක් අන්තර්ගත වන මෙහි,විටමින් ඒ , සී, බී2 හා කේ අඩංගු වේ. එමෙන් ම, කොපර්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, ක්‍රෝමියම් හා මැංගනීස් වැනි ඛණිජ ද අන්තර්ගත ය. තන්තුවලින් සපිරි හෙයින්, මේවා ආහාරයට ගැනීමෙන් බොහෝ වාසි අත්කර ගත හැකි ය.

හෘදය නීරෝගී කරවයි - ලූණු කොළවල ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් DNA වලට හානි ඇති වීම වළක්වයි. මෙහි ඇති විටමින් සී මඟින් රුධිර පීඩනය අඩු කරයි. එසේ ම,හෘදය ආශ්‍රිත ආබාධ වළක්වයි.

ශ්වසනාබාධ සුව කරයි - කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසනාබාධවලට ඇති ප්‍රතිකාර සඳහා ලූණු කොළ භාවිත කරයි.

රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරයි- මෑතකදී කළ අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ, මේවායේ ඇති සල්ෆර් සංයුතිය නිසා රුධිර පීඩනය අඩු කරන බව ය. එසේ ම, සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය ද ඉහළ දමයි.

අස්ථි ශක්තිමත් කරයි - ලූණු කොළවල ඇති විටමින් සී හා කේ, අස්ථිවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට දායක වේ. විටමින් කේ මඟින් අස්ථිවල ඝනත්වය වැඩි කරයි.

පෙනීම වර්ධනය කරයි - මේවායේ ඇති කැරොටිනොයිඩ හා ලෙයුතෙයින් මගින් ඇස් ආරක්ෂා කරයි. එමෙන් ම, මෙහි ඇති විටමින් ඒ මඟින් පෙනීම වැඩිදියුණු කරන අතර, ඇසේ නීරෝගීතාව ද රැක දේ.මීට අමතරව පිළිකා අවධානම ද අඩු කරයි.

 

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...