නෙස්ලේ, ‘Cannes Lions Young Marketer Sri Lanka 2017’ ජයග්‍රහණය කරයි | දිනමිණ

නෙස්ලේ, ‘Cannes Lions Young Marketer Sri Lanka 2017’ ජයග්‍රහණය කරයි

කීර්තිමත් ‘Cannes Lions Young Marketer Sri Lanka 2017’ තරගය ජයග්‍රහණය කිරීමට නෙස්ලේ සමාගමේ උමේෂිනී කුරුකුලසූරිය සහ අශානි රත්නායක සමත්වූහ. දේශීය ශූරතාවය දිනා ගැනීම සඳහා ඔවුන් ප්‍රධාන පෙළේ සමාගම් රැසක් සමග තරග කළ අතර ප්‍රංශයේ පැවැත්වෙන 64 වන නිර්මාණශීලීත්වය පිළිබඳ කෑන්ස් Lions ජාත්‍යන්තර උළෙලේ, Young Lions තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි. එහිදී ලොව පුරා විසිරුණු විවිධ රටවලින් පැමිණෙන කණ්ඩායම් සමඟ ඔවුන් කරට කර තරඟ කරනු ඇත.

“අලෙවිකරණය පමණක් නොව, නව නිෂ්පාදන සහ නව්‍යකරණය, හා පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වැනි අංශ වලට නෙස්ලේ මගින් ලැබුණු අත්දැකීම් මඟින් මෙම ජයග්‍රහණය අපිට හිමි විය. ඉදිරියේදී පැවැත්වෙන Young Lions තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා.” ලෙස උමේෂිනී කුරුකුලසූරිය, වෙළඳනාම කළමණාකරු.නෙස්කැෆේ සහ අශානි රත්නායක, සහකාර වෙළඳනාම කළමණාකරු. නෙස්ටොමෝල්ට් තම අදහස් දැක්විය.

නෙස්ලේ සමාගම විසින් Cannes Lions Young Marketer Sri Lanka ජයග්‍රහණය කළ දෙවන අවස්ථාව මෙය වේ. සමස්ත වෙළඳ දැන්වීම් සහ නිර්මාණාත්මක සන්නිවේදන ක්ෂේත්‍රයේ වඩාත් ගෞරවනීයම සහ ප්‍රචලිත සම්මාන වන්නේ Lions සම්මානයි. එය නිර්මාණශීලීත්වය පිළිබඳ කෑන්ස් ජාත්‍යන්තර උළෙලේ එක් අංගයක් වන අතර, දින 8 ක් පුරාවට පැවැත්වෙන මෙම උළෙල, දැන්වීම් ප්‍රචාරණ වෘත්තිකයන්, නිර්මාණකරුවන්, ඩිජිටල් නවෝත්පාදකයන් සහ අලෙවිකරුවන් සහභාගී වන ලෝකයේ විශාලතම සමුළුව බවට සැලකේ.

රටවල් 100 කට ආසන්න ගණනකින් 15,000 කට ආසන්න පිරිසක් මෙම වාර්ෂික උත්සවයෙහි එක් රැස් වන්නේ නිර්මාණාත්මක වෙළඳ නාම සන්නිවේදනය සැමරීමට මෙන්ම කර්මාන්ත ගැටළු සාකච්ඡා කිරීමට සහ එකිනෙකා අතර සබඳතා ගොඩනගා ගැනීමේ අරමුණු ඇතිවයි. 

නව අදහස දක්වන්න