උතුරේ දූෂිත ඇමතිවරු - තීරණ වෙනස් කරන ලකුණු

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් සම්බන්ධයෙන් වගකීම භාර ගන්නේ නම් තම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට හැකි බැව් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් සම්බන්ධන් වෙත ලිපියක් යොමුකොට ඇත.
 
සම්බන්ධන් විසින් චෝදනා ඔප්පු නොවු අමාත්‍යවරුන් වන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ තීරණය නිවැරදි කරන ලෙසට ඉල්ලීම් කරමින් විග්නේශ්වරන් වෙත යැවු ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් එලෙස සඳහන් කරනු ලැබීය.
 
උතුරු පළාත් අමාත්‍යවරුන් වන පි.සත්‍යලිංගම් හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වගකීම භාරගතහොත් තමන් නැවත වතාවක් සිදුකළ ප්‍රකාශ වෙනස් කිරීමට සුදානම් බව ද විග්නේශ්වරන් ලිපියේ සඳහන් කොට ඇත.
 
 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...