ඩඩ්ලි සේනානායක ජන්ම සමරුව අද

මහින්ද අලුත්ගෙදර

සිවු වරක් මෙරට අගමැතිධූරය හෙබ වූ ජනහිතකාමි නායකයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වැනි ජන්ම දින සැමරුම අදට (19) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සේනානායක වටරවුම අසල පිහිටි ඩඩ්ලි සේනානායක ප්‍රතිමාව අසල දී සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇත. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විමට නියමිතයි.

මහජන නියෝජිතයෙකු, ඇමැතිවරයෙකු, විපක්‌ ෂනායකවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් 1936 වසරේ සිට දේශපාලන ක්‌ෂේත්‍රයේ විවිධ තලයන්හි අනුපමේය සේවාවක්‌ කළ අවංක ජනනායක ඩඩ්ලි සේනානායක මහතා 1973 වසරේ අප්‍රේයෙල් මස 13 වන දා ලක්‌ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවගේ සෝ සුසුම් මැද ජාතියෙන් සමුගත්තේය. නිදහස්‌ ශ්‍රී ලංකාවේ පළමුවන අගමැති දේශමාන්‍ය ඩී. ඇස්‌. සේනානායක මැතිඳුන්ගේ හා මොලී දුනුවිල මැතිනියගේ වැඩිමහල් පුත් රුවන වූ ඒ මහතා 1911 වසරේ ජූනි මස 19 දා ජන්මලාභය ලැබීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...