වසර 17කට පසුව ගාල්ලට ජාත්‍යන්තර එක්දින තරග | දිනමිණ

වසර 17කට පසුව ගාල්ලට ජාත්‍යන්තර එක්දින තරග

ප්‍රින්ස් ගුණසේකර

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වසර 17කට පසුව එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වීමට තීරණය වෙයි. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු හා දෙවැනි එක්දින තරග ගාල්ලේදී පැවැත්වෙන අතර ඉතිරි තරග තුන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වේ. දෙරට අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ වසර 2000 ජූලි මාසයේ වන අතර එහිදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව පරදා ලකුණු 37ක ජයක් අත්කර ගත්තේය.

ගාලු ක්‍රීඩාංගණයේ මෙතෙක් එක්දින තරග 7ක් පවත්වා ඇති අතර එයින් ශ්‍රී ලංකාව තරග දෙකක් ජයගෙන දෙකක් පරාජයවී ඇත. තරග තුනක් වර්ෂාවට සේදී ගියේය.

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරග කල සටහන මෙසේය:

ජූනි 30 පළමු එක්දින තරගය ගාල්ලේ දී

ජූලි 2 දෙවැනි එක්දින තරගය

ගාල්ලේ දී

ජූලි 6 තෙවැනි එක්දින තරගය

හම්බන්තොට දී

ජූලි 8 සිවුවැනි එක්දින තරගය

හම්බන්තොට දී

ජූලි 10 පස්වැනි එක්දින තරගය

හම්බන්තොට දී

ජූලි 14-18 ටෙස්ට් තරගය

ආර්. ප්‍රේමදාස පිටියේ දී

නව අදහස දක්වන්න