හෙදියක් මත්කර බැංකු ගිණුමෙන් ලක්ෂ 7ක් ඇඳලා | දිනමිණ

හෙදියක් මත්කර බැංකු ගිණුමෙන් ලක්ෂ 7ක් ඇඳලා

ඉන්දික පොල්කො­ටුව

මහනුවර මහ රෝහලේ තමන් සමග එකම වාට්ටුවේ සේවය කරමින් සිටි ඥාති සොහොයුරියට මත් බීමක් ලබා දී ඇය සිහි මුර්ජා වීමෙන් අනතුරුව ඇය සතු බංකු ගිණුම් වලින් ව්‍යජ අත්සන් යොදා රුපියල් හය ලක්ෂ අනූ දහසක මුදලක් වංචනිකව ලබාගත් බව කියන මහනුවර මහ රෝහලේ හෙදියක මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය මගින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

විසි නව හැවිරිදි හෙදියක වන අදාළ ඥාති සොහොයුරිය දිවුල් සමග මිශ්‍ර වූ මත් බීම පානය කිරීමෙන් අනතුරුව මහනුවර මහ‍ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව අසාධ්‍ය තත්ත්වයෙන් එහි දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිණි.

සැකකාර හෙදිය තම ඥාති සොහොයුරිය රෝහල්ගතව සිටියදී මහනුවර නගරයේ පිහිටි බංකු තුනකින් ව්‍යාජ අත්සන් යොදා රුපියල් අනූ දහසක්,රුපියල් ලක්ෂ හතරක්,ලක්ෂ දෙකක් වශයෙන් මුදල් ලබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වේ.

මේ අතර ඇය තම සොහොයුරිය නමින් පෙනී සිටිමින් ව්‍යාජ ලේඛණ සකසා රුපියල් ලක්ෂ දහ හතක ණය මුදලක්ද සොහොයුරිය නමින් ඉල්ලුම් කැර ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වේ.

මහනුවර මහ රොහලේ සේවයට පැමිණීමෙන් පසු සැකකාර හෙදිය අනෙක් හෙදිය හා මිත්‍ර වීමෙන් අනතුරුව තම සැමියාගේ සොහොයුරා ඇයට විවාහ කැර දී ඇත.ඉන් පසු ඔවුන් ඥාති සොහොයුරියන් බවට පත්ව ඇත.

මෙම සැකකාර හෙදිය දිගින් දිගින් දිගටම සිදු කැර අතැයි කියන වංචා සිද්ධීන් ඇතුඵ අපරාධ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි එඩ්මන් මහේන්ද්‍ර මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.බී.ගුරුනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් ජානක කරුණාතිලක (33026)) මහතා ඇතුඵ නිළධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වති 

නව අදහස දක්වන්න