ටී.එන්.ඒ. දෙකඩ වෙයි?

සාරා ඉමිතියාස්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා අතර උතුරු පළාත් සභාවේ අර්බුදය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථක වීම නිසා දෙමළ ජාතික සන්ධානයේ බෙදීමක් සිදුවන ලකුණු පහළ වී තිබේ.

උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයාට සහය දැක්වීමට දෙමළ මහජන සභාව (තමිල් මක්කල් පෙරවෛයි -Tamil people Council) ආරම්භ කැර තිබූ හර්තාල් ව්‍යාපාරය මෙම සාකච්ඡා හේතුවෙන් නවතා දමා තිබුණද සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඊයේ (16) සිට නැවත ආරම්භ කැර ඇත. උතුරු පළාත් සභාවේ ඇමැතිවරුන්ට එරෙහිව වංචා දූෂණ පරීක්ෂණයක් පැවැතිය ද සුපුරුදු පරිදි කටයුතු කැර ගෙන යාමට ඉඩ දෙන ලෙස විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන් මහතා උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කැර තිබෙන නමුත් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මෙම ඇමැතිවරුන් සම්බන්ධයෙන් මින් පෙරද පරීක්ෂණයක් සිදු කැර තිබෙන අතර ඔවුන් ඉන් නිදහස් කැර තිබූ අවස්ථාවේ නැවත උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා තවත් පරීක්ෂණයක් ඉල්ලා ඇත. මේ නිසා එම ඇමැතිවරුන්ට පරීක්ෂණය සිදු වන අතරතුර සුපුරුදු පරිදි කටයුතු කරගෙන යාමට ඉඩ දෙන ලෙස විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඉල්ලීමක් කැර තිබේ.

ඊ. පී. ආර්. එල්. එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන්‍ කෙළේ ‍මහ ඇමැතිවරයා ඉවත් කිරීමට තමිල් අරිසු කච්චු පක්ෂය අනවශ්‍ය ලෙස කටයුතු කරන බවත්, මෙයට පළාත් සභාවේ සාමාජිකයින්ගෙන් භාගයකටත් වඩා විරුද්ධ වන අතර දෙමළ සන්ධානයේ පාර්ශ්වයන් වන ඊ. පී. ආර්. එල්. එෆ්, ටෙලෝ සහ ප්ලොට් පක්ෂ ද විරුද්ධ බවයි.

තමිල් අරිසු කච්චු පක්ෂයට මහ ඇමැතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය ඇත්තේ ඇයි දැයි නොතේරෙන බව ද, දූෂණවලට සම්බන්ධ පළාත් සභා ඇමැතිවරු ඉවත් කිරීමට මහ ඇමැතිවරයා ක්‍රියා කළත් ඔවුන් බලයේ තබා ගැනීමට එම පක්ෂයට අවශ්‍ය වී ඇති බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

නල්ලූර් කෝවිලේ සිට මහ ඇමැතිවරයාගේ නිවෙසට පෙළපාළියක් පැවැත්වූ බව ද කී ප්‍රේමචන්ද්‍රන් විශ්වාස භංගය ඉවත් කැර නොගතහොත් එය ගැටලු සහගත තත්ත්වයක් බවට පත්වන බව ද කීය. විශ්වාසභංගය ඉවත් කැර ගැනීමට බලකරන බව ද ප්‍රේමචන්ද්‍ර මහතා කීය.

මහ ඇමැතිවරයාට සහය පළකරමින් පෙරේදා රාත්‍රියේ පළාත් සභා නියෝජිතයින් 15 දෙනකු උතුරු ආණ්ඩුකරවරයාට දිවුරුම් ප්‍රකාශ ලබා දුන් බව ද ඒ මහතා කීය.

උතුරු පළාත් සභාවේ නියෝජිතයින් 38 ක් සිටින බව කී ප්‍රේමචන්ද්‍ර මහතා 21 දෙනකු විශ්වාසභංගයට අත්සන් තබා ඇතැයි කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් මත පළකිරීමක් සිදු කැර නැතැයි ද, පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ බහුතර බලය මහ ඇමැතිවරයාට ඇතැයි ද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අදහස් පළකැරමින් පැවසුවේ මහ ඇමැතිවරයා මෑතකදී කළ ප්‍රකාශ සහ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් සමාව දිය නොහැකි බවයි.

සිය පක්ෂයේ නායක සම්බන්ධන් මහතා සහ තමා සී. වී. විග්නේෂ්වරන් මහතා මහ ඇමැති ලෙස යෝජනා කළ නමුත් ඔහු පක්ෂයට සහය පළ නොකර විරුද්ධව වැඩ කළ බව ද කීය.

පක්ෂයේ ඉහළට දැනුම් දී මහ ඇමැතිවරයාට එරෙහිව පියවර ගත යුතු බව පැවසුවද ජනතාව ගැන හිතා බලා ඔහුගේ ක්‍රියා කලාපය ඉවසීමට තීරණය කළද මහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය ප්‍රශ්නකාරී වී ඇති හෙයින් සමාව දිය නොහැකි බව ද මන්ත්‍රීවරයා කීය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...