කොළඹ - නුවරපාරේ සිට මාවනැල්ල ඔරලෝසු කණුව අසලින් ඇති සරදියල් ගම්මානය පාරේ කිලෝ මීටර් එක හමාරක් පමණ ගිය පසුව වම්පසින් අඩි 1400 ක් පමණ උස උතුවන් කන්ද අපට දැකගත හැකිය. එහි උස ගල්කුල සරදියෙල් ගල ලෙස අද හදුන්වයි.
උතුවන්කන්ද තරණය කරන අයකුට කඳු මුදුනට ආසන්නවීමට පෙර මාර්ගයේ දකුණු පසට වෙන්නට වනරොදින් වැසීගිය සරදියල් ගුහාව දැක ගත හැකිය. මේ ගුහාව සරදියෙල්ගේ වාසස්ථානය ලෙස සැලකේ. මහා ගල් කුළක සෙවණ ලබන මේ සරදියල් ගුහාවේ ගල අභ්‍යන්තරයට විහිදෙන උමං මාර්ග ඇත. ඒවාට රිංගාගත හැක්කේ බඩගාගෙන ගොස්ය. අඩි 30 ක් පමණ ඇතුළට මෙම මාර්ගය පිහිටා ඇතැයි කියනු ලැබේ. සරදියෙල් මෙම මාර්ගය ඔස්සේ ගොස් ක්ෂණිකව ගල් ගුහාවට රිංගා ගැනීමට සමතෙකු බව පැවැසෙයි.
නව අදහස දක්වන්න