දීපා­ල්ගෙන් අහන්න | දිනමිණ

දීපා­ල්ගෙන් අහන්න

දීපාල් සූරියආරච්චි විකුණුම් අළෙවි ක්ෂේත්‍රය, වෙළෙඳපොළ ප්‍රචාරණය මෙන්ම මානව සම්පත් කළමනාකරණ සංවර්ධනය පිළිබඳව වසර තිහක (30) අත්දැකීම් ඇත්තෙකි.

එමෙන්ම ඔහු කළමනාකරණ උපදේශක, විධායක පුහුණු නිලධාරියෙකු මෙන්ම ගත්කතුවරයෙකු ලෙසද කටයුතු කරයි.

වර්තමානයේ ඔහු සේවය කරන්නේ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සේම උපදේශකයෙකු ලෙස අවීවා එන්.ඩී.බී. ඉන්ෂුවරන්ස් ආයතනයේයි.

ග්‍රන්ථ 15ක් පමණ ලියූ කතුවරයෙකු වන ඔහු කළමනාකරණ සංකල්ප ඉතාමත් සරල ආකාරයෙන් රචිත 'සිංහලෙන් බිස්න්ස' නැමති ග්‍රන්ථ පෙළෙහි කතුවරයා වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන‍වේදී පශ්චාත් උපාධිය හිමිකරගෙන සිටින ඔහු එක්සත් රාජධානියේ (cim) වරලත් අළෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකු ද වෙයි.

මෙපමණක් නොවේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ගණනාවක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ඔහු කටයුතු කරයි. ඒ අතර AIA ඉන්ෂුවරන්ස්, ලංකා LOLC සමාගම, සම්පත් බැංකුව, ශ්‍රී ලංකා හේමාස් මැනුෆැක්චරිස් පුද්ගලික සමාගම. ඔහු වැනි දැනුම පරිචය මෙන්ම අත්දැකීම් බහුල සම්පත් දායකයෙකු‍ වෙතින් ඔබගේ ව්‍යාපාරික ගැටලුවලට පිළිතුරු ලබාදීමට හැකිවීම කප්රුක අප ලද ජයග්‍රහණය ලෙස සලකන්නෙමු.

 

දීපාල්ගෙන් අහන්න ?

දියුණුවීමට ඔබත් කැමතිද. ව්‍යවසායකු වීමට ඔබත් සිතනවාද?, මේ දවස්වල ඔබේ ව්‍යාපාරයට බහින කලාවද? බිස්නස් නැද්ද? එහෙමත් නැතිනම් සේවකයෝ දාලා යනවද? තව දියුණු කරගන්න වුවමනාද? මේ දේවල් හෝ ව්‍යාපාරයට සම්බන්ධ ඕනෑම ගැටලුවක් අපිට යොමු කරන්න. ගැටලු එවන ඔබගේ අනන්‍යතාවය මෙන්ම ව්‍යාපාරය පිළිබඳවද අනන්‍යතාව හෙළිකිරීම හෝ නොකිරීම ඔබගේ කැමැත්ත පරිදි සිදුවනු ඇත.

ව්‍යාපාරික කර්තෘ
දිනමිණ
එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
ඩී.ආර්. විජේවර්ධන මාවත
කොළඹ
[email protected]

නව අදහස දක්වන්න