දියුණුවේ රහස පාරිභෝගික විශ්වාසයයි | දිනමිණ

දියුණුවේ රහස පාරිභෝගික විශ්වාසයයි

සර්ටීස් ලංකා සමු­හයේ කළ­ම­ණා­කාර අධ්‍යක්ෂ,  විපුල හෙට්ටිගේ
 ටී.චන්ද්‍ර­සේ­කර  

කාර්මික හා ආර්ථික පද්ධතියේ පෙර ගමන් කරුවෙකු ලෙස සැලකෙන සර්ටීස් ලංකා පුද්ගලික සමාගම ආරම්භ කර මමස(23) ට වසර 40ක් සපිරේ. ආරක්ෂක සේවා සපයන ආයතනයක් ලෙස 1977දී නිලධාරීන් 08 දෙනෙකුගෙන් ආරම්භ කළ එම ව්‍යාපාරය අද ජනතාවට සේවාවන් රැසක් සපයන 9000ක සේවක පිරිසක් හිමි ආයතනයක් බවට පරිවර්තනය වී තිබේ.

පසුගිය වසර 40ක කාලය තුළ සාර්ථක ව්‍යාපාරයක් තුළින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන්නට දායකවු සර්ටීස් ලංකා සමුහයේ ගමන් මග පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන විධායක නිළධාරී විපුල හෙට්ටිගේ මහතා සමග කළ සංවාදයකි මේ.

 

Q සර්ටීස් ලංකා සමාගම යනු කුමක්ද?

සර්ටීස් ලංකා සමුහ ව්‍යාපාරය මේ වන විට සමාගම් පහකින් සමන්විතයි. අපි මේ අවස්ථාවේ සුදානම් වන්නේ හතලිස් වෙනි සංවත්සරය සැමරීමටයි. අපි අවුරුදු හතලිහකට පෙර ඉතාම කුඩා ඒකකයක් ලෙස සේවක සේවිකාවන් අට දෙනෙකුගෙන් පමණ ආරක්ෂක සමාගම ලෙස පටන් ගත් ගමන තමයි මේ අවුරුදු හතලිහ වන විට සේවක සේවිකාවන් නමදහසකින් සමන්විත දිවයනේ සියලුම ප්‍රදේශ අවාරණය කරන සීග්‍ර සංවර්ධනයකට පත් වී තිබෙනවා.

මම හිතනවා මේ ගමන දෙස බැලුවාම අපේ සේවක සේවිකාවන්ගේ කැපවීම, උත්සහාය කලමණාකාරිත්වයෙන් ලැබුනු සහයෝගය වගේම පාරිභෝගිකයන් ගේ විශ්වාසය දිනා ගැනීම අපේ දිගු ගමනට හේතුවුනා කිව හැකියි.

 

Q මේ වන විට මේ ව්‍යාපාර ජාලය කුමන අයුරින් ව්‍යාප්ත වෙලා තිබෙනවාද?

මුලින් මිනිස් බලය ලබාදෙන සේවාව පටන් ගත් අපි දැන් විද්‍යුත් ආරක්ෂක සේවාව ලබාදෙන සමාගමක් වීම එනම් සර්ටීස් ලංකා සිකියුරිටි සොලියුෂන් සමාගම, තුළින් සී.සී.ටී.වී කැමරා පද්ධති, හදිසි සංඥා පද්ධති ලබාදීම වැනි විද්‍යුත් පද්ධති ලබාදීම සර්ටීස් ලංකා ටෙක්නොලොජි සමාගමෙන් සිදු කරනවා. මුදල් ප්‍රවාහනය, මුදල් සැකසුම් කිරීම, ඒ.ටී.එම් යන්ත්‍ර වලට මුදල් යෙදවීම් ඒ කටයුතු සර්ටිස් ලංකා සෙකියුරිටි ලොජිස්ටික් සමාගමෙන් සිදුකරනවා. ආරක්ෂාවෙන් ඔබ්බට ගිහින් ලිපි සහ පාර්සල් ලබාදීමේ කූරියර් සමාගමක් සර්ටීස් ලංකා කුරියර් සමාගම ලෙස පවත්වාගෙන යනවා. එය ලෝකප්‍රකට ඩී.එච්.එල් සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අපියි. විදේශිය ලිපි භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රවාහන කටයුතු ලබාදෙනවා. සුවිශේෂීම සමාගම සර්ටිස් ලංකා හෝම් නර්සින් ඇන්ඩ් ස්විෆ්ට් කෙයාර් සමාගම මේ සමාගම මගින් අපි ගිලන්රථ සේවය, හෙද හෙදි සේවාව, වැනි සේවා ලබා දෙනවා. ලංකාවේ පළමු වරට ගෘහස්ථ හෙදි සේවාව හදුන්වා දුන්නේ අපේ සමාගමයි.

 

Q ඔබ ආරක්ෂක සේවා සැපයිමෙන් ආරම්භ කළ මේ ව්‍යාපරය මේ වන විට හෙද සේවය දක්වා ව්‍යාප්ත වන්නේ කෙසේද?

අපි පාරිභෝගික අවශ්‍යතා අනුව තමයි මේ සේවාව සපයන්න ආරම්භ කළේ. අපි ආරක්ෂක සේවාව ඇරඹීමත් සමග පාරිභෝගික අවශ්‍යතාවයක් තිබුණා මුදල් ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ අවශ්‍යතාවය අනුව අපි මුලින් වැටුම් ප්‍රවාහනයෙන් ආරම්භ වී මේ වන විට සියලුම පැති හරහා ව්‍යාප්ත වුනා.

අනතුරුව අපිට තේරුණා අද කාලීනව තිබෙන ප්‍රශ්න ගැන මුහුණ පාන්න තිබෙන ප්‍රශ්න විද්‍යුත් ආරක්ෂිත සේවාව සැපයීම ආරම්භ කළා. පාරිභෝගිකයන් සමග කතා කරන විට අප දැක්කා කර්මාන්ත ශාලාවන්ට හෙදියක් සිටිය යුතුයි ප්‍රථමාධාර සඳහා. ඒ වගේම කාර්යබහුලත්වය නිසා සමහර පාරිභෝගිකයන්ට තමන්ගේ අම්මා, තාත්තා, දරුවන් වැනි අය රැක බලා ගැනිමේ අවශ්‍යතාවය අපි දැක්කා. ඒ අනුව අපි 1992 වර්ෂයේ හෙද සේවාව ආරම්භ කළා. එය ආරම්භයත් සමග අපේ පාරිභොගිකයන් ඉතා සතුටින් හෙද සේවාව භාර ගත්තා. හෙද සේවාවේ ඉල්ලුම වැඩි වුනා. ඒ වගේම අපිට තේරුණා ගිලන් රථ සේවාවක අවශ්‍යතාවය.

ඒ අනුව ගිලන් රථ සේවාව ආරම්භ කළා. ඒ සමගම පාරිභෝගිකයන් ඉල්ලා සිටියා වෛද්‍යවරුන්ගේ සේවාවත්. ඒ සමගම අපි ගිලන් රථ සේවාවත් සමගම වෛද්‍යවරුන් අපේ පාරිභෝගිකයන්ගේ නිවෙස් වලට ගොස් පරික්ෂාකිරිමට වෛද්‍යවරුන් අපේ ආයතනයට බඳවා ගත්තා. ඒ ආකාරයෙන් අපි සේවාවන් පුළුල් කර ගත්තා.

 

Q අට දෙනෙකුගෙන් ආරම්භ කළ මේ සේවාවන් මේ වන විට මේ තරම් වර්ධනය වන්නට වු මුලික කරුණු කාරණා මොනවාද?

අපේ සේවක සේවිකාවන්ගේ කැපවීම, දායකත්වය, අධිෂ්ඨානය ඒ වගේම කළමණාකාරීත්වයේ දියුණු වන්න දියුණු වෙන්න තිබු වුවමනාව ප්‍රධාන වශයෙන් හේතු වුනා. අපි ලබා ගන්නා ජයග්‍රහණ තුළින් සතුටු වෙලා තව තවත් ජයග්‍රහණය කරා ගියා. එසේම අපේ ආයතනයට සම්බන්ධ කොටස් කරුවන්ගේ සහයෝගය හේතුවුනා.

අපේ සම්බන්ධ සහකරු සිංගප්පුරු ආයතනයෙන් ලැබුණු අවස්ථා අනුග්‍රහය, අත්දැකීම්, පුහුණුව, තාක්ෂණය හේතුවුනා වගේම පාරිභෝගිකයාගේ විශ්වාසය අපේ දියුණුවට හේතවුනා. ඒ වගේම සමාජයේ අනෙකුත් සංවිධාන වලින් ලබාගත් තොරතුරු ඇතුලු සියලුම දේ අපේ දියුණුවට ඉවහල් වුනා.

 

Q මේ වගේ කැපවීමක් කරන සේවක මණ්ඩලයක් තෝරා ගත්තේ කෙසේද?

සේවක මණ්ඩලය තෝරා ගැනීමේදි අපි යම් කිසි ක්‍රමවේදයක් ඇති කරා ආයතනයේ දියුණුවත් සමගම ඒ අයටත් දියුණු විය හැකි ආකාරයෙන්. මෙය රැකියාවක් නොවෙයි වෘත්තියක් ලෙස තමන්ගේ දක්ෂතාවය, කැපවීම, මත ඉදිරියට යාහැකියැයි ඔවුන්ට අවබෝධ කරා. අපේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස බැදුනු කෙනෙක් ආරක්ෂක නිලධාරියෙක් ලෙසම විශ්‍රාම යායුතු යැයි අපි විශ්වාස කලේ නැහැ. පහළ මට්ටමින් පටන් ගත් නිලධාරීන් නිලධාරිනියන් මේ වන විට කළමාණාකාරීත්වයට පත් ව සිටිනවා. ඒ වගේ දේවල් ඒ අයට පෙන්නුවා.

ඒ අයගේ අවශ්‍යතාවය අපි තේරුම් ගත්තා. කෙනෙක් වැටුප පමණක් නොවෙයි බලාපොරොත්තු වන්නේ ඒ අය පිළිගැනීම තමන් මුහුණ දෙන ගැටළු වලට යම් කිසි සහන පිළිතුරු ලබාදීම, සුභ සාධනය සිදු කිරීමට අපි කළමණාකාරීත්වයෙන් ඒ අයගේ තත්වය බලාපොරොත්තු වන තත්වය තේරුම් ගෙන කටයුතු කිරීම නිසා අප පාලකයො සේවකයෝ යනුවෙන් කොටස් දෙකකට නොබෙදී එකම අරමුණකට යන පිරිසක් ලෙස අපේ දැක්ම සමග අපි වැඩ කිරීමෙන් දියුණුව කරා ලගා වුනා. අපේ හතලිස් වෙනි සංවත්සරයේදි ආඩම්බරයෙන් කියන්න කැමැතියි වසර තිහට වැඩි කාලයක් සේවය කළ සේවකයන් හතර දෙනෙකු අපි දිරි ගැන්වීමක් ලෙස එදාට විශේෂ ත්‍යාග හා සහතික ලබාදීමටත් කටයුතු කරනවා.

අපට සෑහෙන ප්‍රමාණයක් මේ ආයතනයත් සමග සම්බන්ධ වෙලා පවුලක් ලෙස කටයුතු කරන විශාල සේවක සේවිකාවන් ප්‍රමාණයක් සිටිනවා. අපේ සේවකයන්ට උදව් කරනවා වැඩි දුර අධ්‍යාපනය සඳහා ඒ වගේම ඉදිරියට යාමට මග පෙන්වීම් කරනවා සේවක සේවිකාවන්ට හොඳ අනාගතයක් ඇති බව.

 

ආරක්ෂක සේවයට නිලධාරීන් බඳවා ගැනීමේදී මොන වගේ ක්‍රමද අනුගමනය කරන්නේ?.

බඳවා ගැනීමේදී ක්‍රම වේද කිහිපයක් අපි අනුගමනය කරනවා. දැනට අපි ප්‍රාෙද්ශීය වශයෙන් බඳවා ගැනීමට කාර්යාල 12ක් තිබෙනවා. එහි කටයුතු කරනනේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ ස්ථාන වලදී ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම සිදුකරනවා. එතනදී ඒ අයගේ උස මහත පමණක් නොවෙයි පෙර කළ සේවාවන්, අධ්‍යාපන මට්ටම්, යුධ හමුදාවෙන් හෝ පොලිසියෙන් නීත්‍යානුකූලව ඉවත්ව ඇත්ද යන වග, ඒ අයගේ වෙනත් ක්‍රියාකාරකම්, පොලිස් වාර්තා, ග්‍රාමසේවක වාර්තා, චරිත සහතික දෙකක් ඒ වගේම පවුල් පසුබිමත් සොයා බලා තමයි අපි බඳවා ගැනීම් කරන්නේ.

අපි බඳවා ගත්තාට පසු ඒ අය යොමු කරනවා හඳුන්වාදීමේ පුහුණුවකට ඉන් පසු මුලික පුහුණුවකට යොමු කරනවා. ඔවුන්ගේ දක්ෂතාවයන් අනුව අවි පුහුණුවක් ඇති අයට ඒ සම්බන්ධ නැවත පුහුණුවක් ලබාදෙනවා. සංචාරක හෝටලයකටනම් ඉංග්‍රිසි දැනුම, සාප්පු සංකීර්ණයකට නම් ඔවුන්ට විශේෂ පුහුණුවක් ඒ ඒ අයුරින් අපේ පුහුණු පාසලේ සියලු පහසුකම් තිබෙනවා. ඒ අනුව තමයි ඔවුන් සේවාවලට යොදවන්නේ.

 

Q සමහර ආරක්ෂක ආයතන පිළිබඳ මහජනතාවගේ විශ්වාසයක් නැති බව පෙනීයනවා. ඒ ආයතන හා ඔබගේ ආයතනය අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?

විශේෂයෙන් අනිත් ආයතන ගැන කතා කරන්න මම කැමති නැහැ. සමහර ආයතන සිතන්න පුලුවන් අවම ආයෝජනයකින් වැඩිම ප්‍රථිලාභ ලැබෙන ආකාරයට මේක කරන්න පුලුවන් කියා. වසර පනහකට කලින් ආරක්ෂක සේවාව ගැන කතා කළ ආකාරය නෙමෙයි දැන් පාරිභොගික අවශ්‍යතාවය අනුව ඕනම තැනකට පිටතින් පැමිණෙන පුද්ගලයින් පළමුව හමුවන පුද්ගලයා තමයි ආරක්ෂක නිලධාරීයා හෝ නිලධාරිනිය. ඒ අයගේ ආචාරශීලිභාවය, පෙනුම, කරුණු දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. පිටතින් පැමිණෙන පුද්ගලයා දැකීමට ප්‍රිය මනාප කෙනෙක් තමයි ඉදිරියෙන්ම සිටින්න ඕන.

ඉදිරියෙන් සිටින පුද්ගලයාගෙන් වෙනත් ප්‍රථිරූපයක් පැමිණෙන පුද්ගලයා දකිනවා නම් ඒ ආයතනය බලාපොරොත්තු වන දැක්ම ලැබෙන්නේ නැහැ. අපේ නිලධාරීන් ආරක්ෂාවට විතරක් සීමා කරලා නෑ ඊට අමතරව පාරිභොගිකයාගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ක්‍රියා කිරීමත් අවශ්‍යයි කියා අපි සිතනවා. ඒ නිසයි අපේ දියුණුව කියා අපි දකින්නේ.

 

Q ඔබගේ ආයතනය රටේ ආර්ථිකයට දියුණුවට කෙසේද දායක වන්නේ?

අපි රැකියා නමදහසක් ලබා දිම තුළින් එක පවුලක පස් දෙනෙක් සිටියොත් හතලිස් පන්දහසක් යැපෙනවා. ලංකාවේ ආර්ථීකය දියුණු වන්න නම් ඒ මුදල් සංසරණය විය යුතුයි. අපි ගන්නා මුදල් නම දහසකට දුන්නාම හතලිස් පන්දහසක් දෙනෙකුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සංසරණය වෙනාවා. ඒ වගේම රටේ ආර්ථිකය දළ දත්ත අනුව වසරකට රුපියල් මිලියන තුන්සීයක් පමණ බදු මුදල් හැටියට රජයට ගෙවනවා.

අපේ ආයතනය එම බදු මුදල් වෙලාවට කලින් ගෙවනවා. නිලධාරීන්ට අදාල ඊපිඑෆ්, ඊටීඑෆ් ලබා දීම වෙලාවට සිදු කරනවා. අපෙන් සමාජ සත්කාරක සේවාවන් විශාල වශයෙන් සිදුකරනවා. ගංවරතු විපත්, දෙමාපියන් නැති දරුවන්ට, රණ විරු නිවාස, පොළොන්නරුව දකුණ පළාත්වල ව්‍යාපෘති, වියළි ආහාර, වෛද්‍ය සායන ආදිය ක්‍රියාත්ම කිරීම සිදුකර තිබෙනවා.

අපේම සේවකයින්ගේ දු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දිම සිදුකරනවා. වෛද්‍ය හා ආපදා අරමුදලක් මගින් අපේ සේවකයන්ට අපි සහන ලබා දෙනවා.

 

Q හතලිස් වෙනි සැමරුම ගැන කරුණු පැහැදිළි කළොත්?

අපිට ආඩම්බරයට කරුණක් හතලිස් වසරක් කියන්නේ අපේ සංධිස්ථානයක්. අපි ආරාධනය කළා ලංකවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට. ඒ මහතා අපේ ආරාධනය පිළි ගෙන ජූනි 23 වෙනිදා හිල්ටන් හෝටලයේ සවස 7.00ට පැවැත්වෙන උත්සව ෙය් ප්‍රධාන අමුත්තා ලෙස පැමිණීම අපිට ලොකු ශක්තියක්.

ඒ වගේම විශේෂ අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගී වනවා. අපේ පාරිභෝගිකයින්ගෙන් කොටසක් සහභාගී වෙනවා වගේම අපේ සේවක සේවිකාවන් කොටසක්ද සහභාගී වනවා. අපි පස්වෙනි අවුරුද්දේ සිටම අපේ සංවත්සරය සමරනවා. එහිදී දක්ෂතම සේවකයින් ඇගයීම, හොඳම ශාඛාව, සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඇගයීම් කරනවා.

ඔවුන්ට තෑගි මුදල් මෙන්ම දිරි ගැන්වීම් සිදු කරනවා. ශිෂ්‍යත්ව ලබාදීම් සිදුකරනවා. ඊට සමගාමීව ප්‍රධාන කාර්යලය තුළ විසි වෙනිදා ආගමික කටයුතු සිදු කරනවා. සිංගප්පුරුව සම්බන්ධයෙන් එහි කළමණාකාර අධ්‍යක්ෂ වරයා පැමිණෙනවා. අපේ සේවය සම්බන්ධයෙන් අයි.එස්. ඕ තත්ව සහතික හිමිව තිබෙනවා. විදේශීය තත්ව සම්මාන ලැබී තිබෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී මත් ද්‍රව්‍ය උවදුර වැලැක්වීම සඳහා එයට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කලුතර විශේෂ ස්ථානයක් අගොස්තු මාසයේ විදේශීය අයත් සමග ආරම්භ කිරීමටද බලාපොරොත්තු වනවා. 

 

නව අදහස දක්වන්න