ලක් සතොස ශාඛා වැඩි වේ | දිනමිණ

ලක් සතොස ශාඛා වැඩි වේ

මේ වසර අවස්නවීමට පෙර දිවයින පුරා ඇති ලක් සතොස ශාඛා සංඛ්‍යාව 500 දක්වා ඉහළ නංවන බව ලක් සතොස සභාපති නීතිඥ ඒ.ආර්.බී. තෙන්නකෝන් මහතා කියයි. දැනට දිවයින පුරා ලක් සතොස ශාඛා 329ක් ක්‍රියාත්මක වේ. ග්‍රාමීය මට්ටමින් ලක් සතොස භාණ්ඩ හා ඇසුරුම් කළ ආහාර පාන සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා ලක් සතොස වරලත් නියෝජිත වෙළෙඳසල් හයදහසක් දිවයින පුරා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම නව වැඩපිළිවෙළ යටතේ රැකියා විරහිත තරුණ තරුණියන් රැසකට රැකියා ලබාදීමට ඉඩ සලසන බවට සභාපතිවරයා පෙන්වා දී ඇත.

- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න