රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ගරු ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායී විසඳුම් ලබා දීමට පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනය මගින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම ඊයේ (12) පෙරවරුවේ සිදු විය.
ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශපි‍්‍රය යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය.
ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.
මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව “ජනපතිට කියන්න” වැඩසටහන හරහා ලබා දී තිබෙන අතර ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරික්ෂා කෙරෙන අතර, එහිදී එම පැමිණිලි / දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.
ඉහත සියලු කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතිය හරහා කාර්යක්ෂමව කි‍්‍රයාත්මක වේ.
අදහස් 5ක් ඇත
email address
රැකියාව ස්ථිර කර ගැනීම.
රැකියාව ස්ථිර කර ගැනීම.
රැකියාව ස්ථිර කර ගැනීම.
රජයෙන් ලැබූ ඉඩමක් අහිමි වී යාම
නව අදහස දක්වන්න