නව තාක්ෂණයෙන් “ජනපතිට කියන්න” | දිනමිණ

නව තාක්ෂණයෙන් “ජනපතිට කියන්න”

රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ගරු ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායී විසඳුම් ලබා දීමට පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනය මගින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම ඊයේ (12) පෙරවරුවේ සිදු විය.

ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශපි‍්‍රය යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව “ජනපතිට කියන්න” වැඩසටහන හරහා ලබා දී තිබෙන අතර ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරික්ෂා කෙරෙන අතර, එහිදී එම පැමිණිලි / දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.

ඉහත සියලු කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතිය හරහා කාර්යක්ෂමව කි‍්‍රයාත්මක වේ.

අදහස් 5ක් ඇත

Please inform me the email address by which president could be addressed

ගරු ජනාධිපතිතුමනි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාල වල අවුරුදු තුනක් පමණ අනියම් කම්කරුවන් ලෙස අප සේවය කරනවා.මෙම කාර්යාලයේ අප විසින් කරන රාජකාරි වන්නේ ලිපි කටයුතු, ලේඛන වල කටයුතු ,පරිගණක කටයුතු ආදියයි.අප උසස් පෙළ සමත් සිසුවියන් වෙමු. එම නිසා ඔබතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපගේ මෙම රැකියාව ස්ථිර රැකියාවක් ලෙසත් අපට සුදුසු තනතුරක් ලබා දි මෙම රැකියාව රජයේ ස්ථිර රැකියාවක් ලෙස අපට මෙම රැකියාව ලබා දෙන මෙන් කාරුණිකව ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

ගරු ජනාධිපතිතුමනි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාල වල අවුරුදු තුනක් පමණ අනියම් කම්කරුවන් ලෙස සේවය කරනවා.මෙම කාර්යාලයේ අප විසින් කරන රාජකාරි වන්නේ ලිපි කටයුතු, ලේඛන වල කටයුතු ,පරිගණක කටයුතු ආදියයි.අප උසස් පෙළ සමත් සිසුවියන් වෙමු. එම නිසා ඔබතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපගේ මෙම රැකියාව ස්ථිර රැකියාවක් ලෙසත් අපට සුදුසු තනතුරක් ලබා දි මෙම රැකියාව රජයේ ස්ථිර රැකියාවක් ලෙස අපට මෙම රැකියා ලබා දෙන මෙන් කාරුණිකව ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

ගරු ජනාධිපතිතුමනි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන කාර්යාල වල අවුරුදු තුනක් පමණ අනියම් කම්කරුවන් ලෙස සේවය කරනවා.මෙම කාර්යාලයේ අප විසින් කරන රාජකාරි වන්නේ ලිපි කටයුතු, ලේඛන වල කටයුතු ,පරිගණක කටයුතු ආදියයි.අප උසස් පෙළ සමත් සිසුවියන් වෙමු. එම නිසා ඔබතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපගේ මෙම රැකියාව ස්ථිර රැකියාවක් ලෙසත් අපට සුදුසු තනතුරක් ලබා දි මෙම රැකියාව රජයේ ස්ථිර රැකියාවක් ලෙස අපට මෙම රැකියා ලබා දෙන මෙන් කාරුණිකව ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

අතිගරු ජනාධිපති තුමනි, මාගේ සීයා හට ලබා දී තිබූ ස්වර්ණ භූමි ඉඩමෙහි, පසු උරුම කරු ලෙස මාගේ පියාගේ නම නම් කර තිබුණි. එම නිසා මාගේ පියා එම ඉඩම වටිනා ගස් වගා කරමින්,එය අනාගතයට අධික වටිනා කමක් ලැබෙන පරිදි වසර 20 ක් පුරාවට සංවර්ධනය කරන ලදි. මාගේ සීයා මිය යෑමෙන් පසුව ,මාගේ පියා ද එක වර අන්ධ බාවයට ද පත්ව එක වර දරුණු ලෙස රෝගාතුර වී අවාසනාවන්ත ලෙස හදිසියේ මිය ගියේය. මෙතෙක් සංවර්ධනය කල ඉඩමෙහි ආදායමෙන් මව සහා එකම දියණිය වන මම ජීවත් වෙමින් සිටිය අතර, එය පවරා ගැනීමට යාමේදී ,එහි පසු උරුම කරු ලෙස මාගේ පියා නම් කර සිටිය ද, අප හට උරුම නොමැති බව පවසයි.එය අනෙකුත් සහෝදරන් අතට යනු ඇති බව ද පවසා ඇත. ජනාධිපති තුමනි, මෙපමණ දුක් විද මාගේ පියා වෙහෙස වී ගොඩ නැගා ඇති මෙය, අප හට මෙසේ අහිමි වී පාරට වැටීමට තරම් අප අවාසනාවන්ත වී ඇත.අපමණ වෙහෙස වී මෙය ගොඩ නැගුවේ මාගේත් ,මවගේත් අනාගතය සුරක්ෂිත කිරීමට සිතාය.නමුත් නිකන්ම සිටි පිරිසකට මාගේ පියාගේ මහන්සියේ සාරය බුක්තිවිඳීමට යනු ඇත. අප මේ පීඩාවට පත්ව සිටින අසරණම මොහොතේදි, අප වෙත සානුකම්පිතව සිතමින්, මෙසේ අපට අහිමි වී යන ඉඩමෙහි අයිතිය ලබා දී අපගේ ජීවත මග සුරක්ෂිත කර දෙන මෙන් ඉතා ආයාචනාත්මකව ඉල්ලා සිටිමි. ඔප්පු අංකය :- බදු/ප්‍ර/ 13982

නව අදහස දක්වන්න