වසර කිහිපයකට පෙර මෙරට අතිශය ජනප්‍රිය වූ හඬකැවි ටෙලි කතාවක් වූ 'සුජාත දියණි' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හෙබවූ Lee - Young - ae පසුගිය දිනක මෙරට ගංවතුරින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් පරිත්‍යාග කර තිබුණි.
මේ සමඟ ඇය පිළිබඳව මෙරට මාධ්‍ය අවධානය නැවත යොමු විට.
කෙසේ නමුත් අද අප ඔබට කියන්නේ 'සුජාත දියණි' ටෙලි කතාව මෙරට රුපවාහිනි ප්‍රදර්ශනයට පැමිණි කතාවයි.
ඊට පසුබිම් වන්නේ මෙරට ප්රමුඛ පෙලේ අලෙවිකරණ විශිෂ්ටයෙක් වන හෂාන් හපුතන්ත්‍රී මහතා තම ෆේස්බුක් ගිණුමෙහි තබා තිබු සටහනකි.
එම සටහනෙහි සිංහල පරිවර්තනය පහතින්,
"ඒ, 2008 වසරයි. එකල මා සේවය කලේ ෆීජි දූපතේ යි. එක් දිනක් මා දිවා ආහාරය සඳහා නිවසට පැමිණ විට, මගේ බිරිඳ මට පැවසුවේ මා නැරඹිය යුතු ම කොරියානු නාට්‍යක් ඇති බවයි. එම නාට්‍ය ඉංග්‍රීසි උපසිරසි සහිතව කොරියානු බසින් විකාශය විය. කොටස් කිහිපයකින් ම මගේ ත් බිරිඳ ගේත් හිත් වශී කරගත් මේ ටෙලි කතාවට අප දැඩි සේ ඇබ්බැහි විය. එම කතාවේ කුඩා දැරිය තම ජිවිතයට එඩිතරව මුහුණ දෙන ආකාරය අප සිත් ඇද බැද ගත් දසුනක් විය.
කෙසේ නමුත් 2009 වසරේ මා ශ්‍රී ලංකාවට පැමිණි විට මගේ මිතුරෙකු වූ උපාලි රංජිත් හමුවීමට ගියෙමි. මා ඔහුට පැවසුවේ මෙය Oshin වැනි ජනප්‍රිය තත්වයට පත්විය හැකි ටෙලි නාටකයක් වන බවයි. රන්ජිත් මගේ අදහසට එකඟ වෙමින් පැවසුවේ මෙය ස්වාධින රුපවාහිනියට වඩා ජාතික රුපවාහිනියේ විකාශය කිරීම උචිත බවයි.
ඉන් අනතරුව මම ජාතික රුපවාහිනියේ අතුල රන්සිරිලාල් හමුවීමට ගියෙමි. මගේ කතාව අසු ඔහු තම මේස ලාච්චුවෙන් පෙට්ටියක් ගෙන 'මේ පෙට්ටියේ උඹ කියන නාට්‍ය තියනවද බලපන්' ලෙස පැවසිය.
මා විශ්මයට පත් කරමින් එම ටෙලි කතාව එම පෙට්ටිය තුල විය.
අතුල නාට්‍ය හඬ කැවීමේ කටයුතු ආරම්භ කල අතර මා මැලිබන් සමාගමේ ඉහල කළමනාකාරිත්වයට 'මැලිබන් ගෝල්ඩ් මාරි' මේ නාට්‍ය සඳහා අනුග්‍රහය දැක්විය යුතු බවත්, මෙය අතිශය ජනප්‍රිය වනු ඇති බවත් පැවසුවෙමි.
අවසානයේ මගේ බලාපොරොත්තු ඉටු කරමින් 'සුජාත දියණි' ටෙලි කතාව මෙරට අතිශය ජනප්‍රිය නාට්‍යයක් විය. මා ඉන් ඉමහත් සතුටට පත්වූ අතර මගේ බිරිඳත් ඊට එක්විය.
මේ වන විට එම නාට්‍යයේ ප්‍රධාන නිළිය මෙරට විපතට පත්වූ ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත්ව සිටීම මගේ සතුට දෙගුණ තෙගුණ කරන්නට හේතු වූ නිසාම වසර ගණනකට පසු 'චන්ගුමි මෙරටට ආ හැටි' ලියන්නට සිත් විය.
අදහස් 1ක් ඇත
sold 6pm sat 7am
නව අදහස දක්වන්න