අගමැති අද නිව්යෝර්ක් සාගර සමුළුවේ | දිනමිණ

අගමැති අද නිව්යෝර්ක් සාගර සමුළුවේ

ශිරෝමි අබයසිංහ

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර අද (05) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වේ.

අද ආරම්භ වන එම සමුළුවට සහභාගි වන ලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබී ඇත.

සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කර ගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙන අතර රාජ්‍ය හා ආණ්ඩු නායකයන් ,අමාත්‍යවරුන්, ව්‍යවසායකයන් සහ සිවිල් නායකයන් මේ සඳහා සහභාගී වීමට නියමිතය.

සාගර හා වෙරළබඩ පරිහානිය යළි ආපස්සට හැරවීමේ ක්‍රියාදාමය මේ සමුළුව සමගින් ආරම්භ කෙරෙන බවට එක්සත් ජාතින්ගේ සමුළුවේ සභාපති පීටර් තොම්සන් මහතා සඳහන් කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටි සියලුම වෛද්‍ය පරීක්ෂණවල වාර්තා ඉතා සතුටුදායක බව නිව්යෝක් නුවර ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන බදාදා(07) හෝ බ්‍රහස්පතින්දා(08) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් දිනමිණට කීය.

අදහස් 1ක් ඇත

arogya parama labha, politics yanu rogabhada sadana symtom ya! be carefull!

නව අදහස දක්වන්න