ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ අගයනවා | දිනමිණ

ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ අගයනවා

ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් මානව හිමිකම් සුරක්ෂිත කරමින් ගෙන යන වැඩපිළිවෙළ අ‍ගේ කරන බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පැවසීය.

මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ගැනීම උදෙසා ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කරන්නේ නම් ඒ තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය තවදුරටත් ව්‍යාප්ත වනු ඇතැයි ද ටර්න්බුල් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු රජයේ පූර්ණ සහය ලබාදෙන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර පැවැති නිල හමුවේදීය. 

ටී. චන්ද්‍රසේකර

නව අදහස දක්වන්න