වකුගඩු රෝග නිවාරණයට ඔස්ට්‍රේලියාවේ අත හිත | දිනමිණ

වකුගඩු රෝග නිවාරණයට ඔස්ට්‍රේලියාවේ අත හිත

රජරට ඇතුළු ප්‍රදේශ ගණනාවක් පුරා පැතිර තිබෙන වකුගඩු රෝග නිවාරණය සඳහා ඕස්ට්‍රේලියා‍නු රජයේ තාක්ෂණික සහාය ලබා ගැනීමේ අවබෝධතා ගිවිසුමකට ඊයේ (25) ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අස්සන් කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර පැවැති නිල හමුවෙන් පසු මෙම ගිවිසුමට අස්සන් කෙරුණු අතර මීට අමතරව ද්විපාර්ශ්වික ලියවිලි දෙකකට ද අස්සන් තැබිණි.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ඇන්ඩ්‍රෝ න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය ප්‍රධාන විධායක නිලධාරී ඒඩිරියන් පැටර්සන් හා ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධ කුමාර් යන මහත්වරුන් විසිනි.

මීට අමතරව ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය සම්බන්ධයෙන් ලියවිල්ලකට විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා හා ඕස්ට්‍රේලියා විදේශ කටයුතු ඇමැතිනි ජුලි බිසොප් විසන් අස්සන් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා හා පතල් කර්මාන්ත ආයතනය හා ඕස්ට්‍රේලියාවේ භූ විද්‍යා ආයතනය අතර ලියවිල්ලක් අස්සන් කෙරුණු අතර එතුළින් ‍ඛනිජ සම්පත් සොයාගැනීමට අවශ්‍ය සහය ලබාදීම සිදු කෙරෙන අතර එම ලියවිල්ලට එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජේමිස් ජොන්සන් හා ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. ස්කන්ධකුමාර් යන මහත්වරු අස්සන් කළහ.

ටී. චන්ද්‍රසේකර

නව අදහස දක්වන්න