දැව සොරුන් දැලේ | දිනමිණ

දැව සොරුන් දැලේ

නීති විරෝධීව රක්ෂිතයට ඇතුළු වී කුඹුක් දැව කඳන් කපා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් 40000 ක දඩ මුදලක් ගෙවීමට නියෝග කල කන්තලේ වැඩ බලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය මෙම දෙදෙනා සමග අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු වැඩි දුර විමර්ශණ වාර්තා සමග ජූනි 27 අධිකරණය හමවුට පමුණුවන පමුණුවන ලෙසට කන්තලේ වනසංරක්ෂණ නිළධාරින්ට නියෝග ලබා දුන්නාය.
 
මෙලෙස දඩ ගෙවීමට හා දඬවම් පැමිණවීම සඳහා යළි අධිකරණය හමුවට පමුණුවන ලෙසට දඬුවම් ලැබුවේ කින්නියා ප්‍රදේශයේ පදිංචි කරුවන් සිව් දෙනෙකුටයි.
 
කන්තලේ චුන්නක්කාඩු රක්ෂිතයේ පොනම්කාඩු ප්‍රදේශයේ කැලෑව තුල කුඹුක් දැව කපා කරත්ත 3 කින් ප්‍රවාහනය කරමින් සිටියදී කන්තලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිළධාරි මහේන්ද්‍ර,අතිරේක අඩවි වන නිළධාරි උදයංග ,බීට්ටු වන නිළධාරින් වන  සේරුනුවර සිසිර කුමාර, වෙරුගල් සිවංක , වාන්ඇල කරුණාතිලක කෙෂේත්‍ර සහකාර වරුන් වන රූපවංශ ,වික්‍රමරත්න යන නිළධාරින් විසින් පැය 24 ක කාලයක් තුල කරන ලද විශේෂ වැටලීමකදී සැකකරුවන් හා කරත්ත අත්අඩංගුවට  ගෙන තිබුණි.දැවතොගය රාජසන්තක කරන ලදී. 
 
(කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි )
 

නව අදහස දක්වන්න