මහනුවරට සංවර්ධන ව්‍යාපෘති 06ක් | දිනමිණ

මහනුවරට සංවර්ධන ව්‍යාපෘති 06ක්

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 369ක වියදමින් ව්‍යාපෘති හයක් මේ වනවිට  අවසන් කොට ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඒ අනුව ‍රුපියල් මිලියන 44.50ක වියදමින් මහනුවර ආතර් සීට් නැරඹුම් මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම, රුපියල් මිලියන 30.89ක වියදමින් හීල්පැන් කඳුර සහ රජ පිහිල්ල ඇල මාර්ග දෙක සංවර්ධනය කිරීම, රුපියල් මිලියන 152.81ක වියදමින් ගැටඹේ සිට හීරැස්සගල දක්වා ජල සම්පාදන නලමාර්ග එලීම,  රුපියල් මිලියන 80.00ක වියදමින් කටුගස්තොට, මඩවල දිගන මාර්ගය හා ධර්මාශෝක මාවත සඳහා අවශ්‍යවන ප්‍රධාන ජල නල සැපයීම, එමෙන් ම රුපියල් මිලයන 18.00ක වියදමින් පිරිසිදු කර බෙදාහරින අපතේ යන ජල ප්‍රමාණය අවම කර ගැනීම සඳහා අවශ්‍යවන උපකරණ සැපයීම යන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කොට ඇත.
 
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මග පෙන්වීම මත මහනුවර උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

නව අදහස දක්වන්න