ඔස්ට්‍රේලියාවේ ඉහළම උත්තමාචාරය ජනපතිට අද පිරිනැමේ | දිනමිණ

ඔස්ට්‍රේලියාවේ ඉහළම උත්තමාචාරය ජනපතිට අද පිරිනැමේ

ටී‍‍.චන්ද්‍රසේකර ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියානු රජය විසින් දක්වන ඉහළම උත්තමාචාරය අද (25) කැන්බරා හී පිහිටි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී හා අග්‍රාණ්ඩුකාර නිල නිවසේදී සිදු කෙරේ.

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාගේ විශේෂ ආරාධනයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරාට උපහාර දැක්වීමටත් නියමිතය.

මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල මහතා හා ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර පාර්ලිමේන්තුවේදී ද්වීපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම ද මෙහිදී සිදු කෙරේ. පාර්ලිමේන්තු කටයුතුවලින් අනතුරුව අග්‍රාණ්ඩුකාර නිල නිවස වෙත යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහිදී ආචාර වෙඩි මුර 21 ක් ද , දෙරටේ ජාතික ගීය වාදනය කිරීම මෙන්ම හමුදා උත්තමාචාරය පිළි ගැන්වීමටද නියමිතය. 

නව අදහස දක්වන්න