අමෙරිකාව ජී.එස්.පී.+ නැවත දික්කරයි! | දිනමිණ

අමෙරිකාව ජී.එස්.පී.+ නැවත දික්කරයි!

ජයසිරි මුණසිංහ

මේ වසරේ අවසන්වීමට නියමිත අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පිරිනැමූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත වතාවක් දික්කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා පළ කරයි.  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 122ක් වෙත භාණ්ඩ 5000කට ආසන්න ප්‍රමාණයකට තීරු බදු රහිත ප්‍රවේශය හිමිකරදෙමින් වසර 2015 ජූනි මාසයේදී මේ සහනය අමෙරිකාව විසින් සලසා දී ඇත. එය වසර 2017 දෙසැම්බර් 31 වැනිදා අවසන්වීමට නියමිතය.

මේ සහනය නැවත වතාවක් දික්කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට භාණ්ඩ 7000 කට පමණ සහනශීලී තීරුබදු ප්‍රවේශයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට මේ වනවිට යුරෝපා සංගමය විසින්ස ජී.එස්.පී.+ වරණීය තීරු බදු සහනය සලසා දී ඇත. ඊට ප්‍රථම ධීවර නිෂ්පාදන සඳහා මේ සහනය හිමිවිණි. ‍

ෙම් ආකාරයෙන් ලොව විවිධ රටවලින් අප රටට තීරු බදු සහන හිමිවීම තුළින් නව ආයෝජන, නව කර්මාන්ත බිහිවී නව රැකියා අවස්ථා උදාවනු ඇත.

මේ හරහා කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා යන අංශ තුනේම පිබිදීමක් සහ නිෂ්පාදන ඉහළයෑමක් සිදුවනු ඇතැයිද මහ බැංකුව කියයි. 

 

නව අදහස දක්වන්න