ජනපති කැන්බරා නුවර බලාගාරයක් නිරික්ෂණය කරයි | දිනමිණ

ජනපති කැන්බරා නුවර බලාගාරයක් නිරික්ෂණය කරයි

ඔස්ටේ්‍රලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
 
සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී්‍ර හර්ෂණ රාජකරුණා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද මෙම අවස්ථාවට එක් විය. 

නව අදහස දක්වන්න