බදුල්ල මාධ්‍යවේදියාට පහරදුන් වෛද්‍යවරයා සමාව ගනි | දිනමිණ

බදුල්ල මාධ්‍යවේදියාට පහරදුන් වෛද්‍යවරයා සමාව ගනි

බදුල්ල දෙයියන්වෙල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදී ජයලත් දිසානායක මහතාගේ රාජකාරියට බාධා කර ඔහුට පහරදුන් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයා බදුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමෙන් පසු පොලිස් ඇප මත මුදා හැර ඇත.
 
ඉදිකෙරෙමින් පවතින බදුල්ල දෙයියන්නේවෙල පාලම හරහා මාර්ගය පස්දමා සකස්කර ඇති අතර ඊයේ (23) ඇති වු වර්ශාවත් සමග මඩවි අනාරක්ෂිත වී ඇති බවට ජයලත් දිසානායක මහතා හට දැනුම් දී ඇත. ප්‍රදේශවාසින් දැනුම් දී තිබුනේ මෝටර්රථයක්ද ලිස්සාගොස් අනතුරට පත්ව ඇති බවකි.
 
ඒ අනුව එම සිද්ධිය වාර්ථා කිරිමට එම ස්ථානයට ගිය බදුල්ල මාධ්‍ය වාර්ථා කරු ජයලත් දිසානායක මහතා හට  අනතුරට පත් රථයේ හිමිකරු බැනවදිමින් පහර දී ඇත. අනතුරට පත් රථයේ හිමිකරු බදුල්ල දෙයියන්නේ වෙල පදිංචි, බදුල්ල මහරෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි. පහරදීම සම්බන්දයෙන් ජයලත් මහතා එදින (23) සවස බදුල්ල පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් දැමිමෙන් පසු බදුල්ල පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුනා.
 
ඇප මත මුදාහැරි ‍වෛද්‍යවරයා අද  (24) උදැසන පොලිසිය වෙත කැදවීමෙන් පසු පොලිස් නිළධාරින් ඉදිරියේ මාධ්‍යවේදී ජයලත් දිසානායක මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව ලබාගැනීමෙන් පසු සිද්ධිය සමතයකට පත් විය.

නව අදහස දක්වන්න