නුවරඑළියේ තරුණ පිරිසක් එක්ව රණවිරු දිනය ඉහළින් සමරති | දිනමිණ

නුවරඑළියේ තරුණ පිරිසක් එක්ව රණවිරු දිනය ඉහළින් සමරති

නුවරඑළිය නගරයේ වෙසෙන තරුණ පිරිසක් “මනුසත් අපි” නමින් එක්ව, යුද සමයේදී දිවිපිදූ හා සදා ආබාධිත වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණවිරු පවුල් සහභාගි කරවාගෙන රණවිරු දිනය මහා ඉහළින් සැමරීම නුවරඑළිය ජනතාවගේ ඉමහත් ප්‍රශංසාවට ලක්විය.

ඉකුත් 18 වෙනිදා සවස නුවරඑළිය නගර මධ්‍යයේ ශ්‍රී මහා විහාරය ඉදිරිපිටදී මෙය පැවැත්විණි.

නගරය සහ අවට සියලුම විහාරස්ථානවල නායක ස්වාමින් වහන්සේ සහ හින්දු, මුස්ලිම් පූජකතුමන්ලාගේද සහභාගිත්වයෙන් සර්ව ආගමික වතාවත් සිදුකොට දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් පින් අනුමෝදම් කිරීමද මෙහිදි සිදුවිය.

මේ පවුල් වෙනුවෙන් රුපියල් දස දහසක මුදල් පරිත්‍යාගයක් ලබාදීමද මෙහිදී සිදුවිය.

පහන් දස දහස් ගණනක ආලෝක පූජාවක් නගරයේ වීදි ඔස්සේ පැවැත්වීමට සංවිධානය කර තිබූ අතර මේ උත්සවයට සහභාගි වූ පිරිස් සහ නගරයට පැමිණෙන පිරිස් වෙනුවෙන් සුප් දන්සලක් පැවැත්වීමටද එම තරුණ පිරිස කටයුතු යොදා තිබුණි.

නව අදහස දක්වන්න