ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීමට අමෙරිකා බලය යොදවනතුරුම ඉන්න එපා | දිනමිණ

ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීමට අමෙරිකා බලය යොදවනතුරුම ඉන්න එපා

බී. බී. සී

මුස්ලිම් අන්තවාදීන් මේ මහ පොළොවෙන් පලවා හරින ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම විදෙස් සංචාරය අතරතුර රියාද්හි කලාපීය සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය. මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට නායකත්වය ලබාදෙන මෙන් ද ඔහු මෙහිදී මුස්ලිම් රාජ්‍යයන්ගෙන් බලවත් ඉල්ලීමක් කළේය.

ඉරානයේ ක්‍රියා පිළිවෙත කලාපයේ අස්ථාවරත්වයට හේතු වී ඇති බව පවසමින් ට්‍රම්ප් විසින් ඉරානය දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත. අන්තවාදයට එරෙහි සටන යහපත සහ නපුර අතර සටනක් මිස විවිධ ආගම් අතර සටනක් නොවන බව ජනාධිපතිවරයා මුස්ලිම් රාජ්‍ය නායකයන් ඉදිරියේ ප්‍රකාශ කළේය.ත්‍රස්තවාදීන් පලවා හැරියොත් පමණක් වඩා යහපත් අනාගතයක් උදාකරගත හැකි වනු ඇති බවත් එම කාර්ය සපුරා ගැනීම සඳහා අමෙරිකා බලය යොදනතුරු බලා නොසිටිය යුතු බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය.

ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලය, පලස්තීන කලාපය, බ්‍රසල්ස් නුවර , වතිකානය සහ සිසිලි නගරයේ ද සාංචාරය කිරීමට නියමිත අතර වතිකානයේ දී ෆ්රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසීමට ද නියමිතය.  බී. බී. සී

මුස්ලිම් අන්තවාදීන් මේ මහ පොළොවෙන් පලවා හරින ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම විදෙස් සංචාරය අතරතුර රියාද්හි කලාපීය සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය. මුස්ලිම් අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට නායකත්වය ලබාදෙන මෙන් ද ඔහු මෙහිදී මුස්ලිම් රාජ්‍යයන්ගෙන් බලවත් ඉල්ලීමක් කළේය.

ඉරානයේ ක්‍රියා පිළිවෙත කලාපයේ අස්ථාවරත්වයට හේතු වී ඇති බව පවසමින් ට්‍රම්ප් විසින් ඉරානය දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත. අන්තවාදයට එරෙහි සටන යහපත සහ නපුර අතර සටනක් මිස විවිධ ආගම් අතර සටනක් නොවන බව ජනාධිපතිවරයා මුස්ලිම් රාජ්‍ය නායකයන් ඉදිරියේ ප්‍රකාශ කළේය.ත්‍රස්තවාදීන් පලවා හැරියොත් පමණක් වඩා යහපත් අනාගතයක් උදාකරගත හැකි වනු ඇති බවත් එම කාර්ය සපුරා ගැනීම සඳහා අමෙරිකා බලය යොදනතුරු බලා නොසිටිය යුතු බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය.

ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලය, පලස්තීන කලාපය, බ්‍රසල්ස් නුවර , වතිකානය සහ සිසිලි නගරයේ ද සාංචාරය කිරීමට නියමිත අතර වතිකානයේ දී ෆ්රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසීමට ද නියමිතය. 

නව අදහස දක්වන්න