සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් සමුගනී | දිනමිණ

සංගා පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් සමුගනී

පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරඟාවලිය සංගක්කාර සහභාගී වන අවසන් තරගාවලිය වේ.

ඔහු ඉකුත්දා පළමු පෙළ ක‍්‍රිකට් තරඟවල ලකුණු විසිදහසේ සීමාව පසු කිරීමටද සමත් විය.

එවැනි දස්කමක් දැක්වූ පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ කුමාර් සංගක්කාරය.

ඔහු ඉකුත් 2015 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව එක් දින ක‍්‍රිකට් දිවියට සමු දුන්නේය.

2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා දීමෙන් අනතුරුව සංගක්කාර අන්තර්ජාතික විස්සයි විස්ස ක‍්‍රිකට් පිටියෙන් ද සමු ගත්තේය.

නව අදහස දක්වන්න