ආතතියෙන් මිදෙන්න හොඳ ම ක්‍රම | දිනමිණ

ආතතියෙන් මිදෙන්න හොඳ ම ක්‍රම

රැකියාව, පවුලේ ප්‍රශ්න, ඔබේ විවිධ සම්බන්ධතා හේතුවෙන් ඔබ ආතතියෙන් පෙළෙනවාද? ගැටලුව කුමක් වුවත්, ඔබට පහසුවෙන් ඔබේ ආතතිය අවම කර ගැනීමට හැකියාව ඇත. අපට ආතතිය නැතුව බැරි බව ඔබ දන්නවාද ? ඒත්, පමණට වඩා ආතතිය වැඩි වුණොත් මොකද කරන්නේ? නිල් වර්ණය ආතතිය අවම කරන බව ඔබ දන්නවාද? ආතතිය සඳහා චුයින්ගම් හොඳ බෙහෙතකි. ඒත්, එහි අඩංගු අධික සීනි ප්‍රමාණය හා රසකාරක ද්‍රව්‍ය දිගු කාලයක් භාවිතය, ඔබේ ශරීරයට සුදුසු නැත. ඔබ ආතතියෙන් පෙළෙන්නේ නම්, ඔබට හැඟෙන දේ ලියා තබන්න පුරුදු විය යුතු ය. හැමදේම ඔබේ සමීපතමයන්ට වුණත් පවසන්න බැරි විය හැකි ය. ඒ වෙලාවට, සිත සැහැල්ලු කර ගැනීමට ලිවීමට පුළුවනි.

ආතතිය දුරලන්න, යෝග අභ්‍යාස හෝ ව්‍යායාමවල යෙදීම වඩාත් යෝග්‍ය ය. ඔබේ සිත නොසන්සුන් වූ විට, ගැඹුරු හුස්මක් ගෙන පිට කිරීම අත්‍යවශ්‍ය ය. මෙය කිහිපවරක් කිරීමෙන්, ඔබේ සිතට තාවකාලික සැනසුමක් ලැබේ. ඔබේ නිවාස, ඔබේ කාර්යාලය, වාහන වැනි ස්ථාන සුවඳවත්ව, පිරිසුදුව තබා ගැනීමට ක්‍රියා කළ යුතු ය. ලවෙන්ඩර් සුවඳ විශේෂයෙන්ම ආතතිය අවම කිරීමට උපකාරී වේ. සිනහ මුසු මුහුණින් යුතුව නිතරම කටයුතු කිරීම අත්‍යවශ්‍ය ම දෙයකි. සුරතලුන් සමඟ කාලය ගත කිරීමට ද ඔබ අමතක නොකළ යුතු ය. සුවඳවත් ඉටිපන්දම් දල්වා, එහි දැල්ල දෙස මදක් බලා සිටීම, ආතතිය අවම කර ගැනීමට පුරුදු පුහුණු කළ හැකි හොඳ අභ්‍යාසයකි.

ඔබ ශරීරයට ලබා ගන්නා කැෆෙන් ප්‍රමාණය අවම කර ගත යුතු ය. තේ, කෝපි හා ශක්තිජනක පානවලින් ඔබේ සිරුරට ලබා ගන්නා කැෆෙන් ප්‍රමාණය අධික වීම, ආතතියට හේතු වේ. මේ සියලු දේ දැන කටයුතු කළොත්, ඔබට ආතතිය මඟහරවාගෙන ජීවත් විය හැකි ය.

අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න