ආගමික අන්තවාදයට එරෙහි වන්න - ට්‍රම්ප් | දිනමිණ

ආගමික අන්තවාදයට එරෙහි වන්න - ට්‍රම්ප්

ආගමික අන්තවාදයට එරෙහිව ගෙන යන සටනට නායකත්වය ලබා දෙන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සෞදි අරාබියේ රියාද් නුවරදී පැවති සමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

අන්තවාදින් මිහිමතින් පලවා හැරිය යුතු බව ඔහු එහිදී පෙන්වා දෙන ලදි.

එමෙන්ම ඉරානයේ ක්‍රියා පිලිවෙත කලාපයේ අස්ථාවරභාවයට හේතු වී ඇති බවට ඔහු චෝදනා කර සිටියි.

අන්තවාදයට එරෙහිව ගෙන යන සටන විවිධ ආගම් අතර සටනක් නොවන බවත් එය යහපත සහ නපුර අතර සටනක් බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඒ සදහා ඇමෙරිකාව ක්‍රියාත්මක වන තුරු බලා නොසිටිය යුතු බවද ඔහු අවධාරණය කර තිබේ.

නව අදහස දක්වන්න