මහේල, මාලිංග IPL වෙනස් කළා - තෙන්ඩුල්කාර් | දිනමිණ

මහේල, මාලිංග IPL වෙනස් කළා - තෙන්ඩුල්කාර්

මේ වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් (IPL) තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායම සමත්විය.

ඉරිදා රාත්‍රියේ පුනේ (Pune) කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

පළමුවට පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම ලකුණු 129කට සීමාවූ අතර පිළිතුර ඉනිම ක්‍රීඩා කළ පුනේ කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 128ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග එම කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නාය.

නව අදහස දක්වන්න