වෑන් ලොරි අනතුරින් 3කට තුවාලයි | දිනමිණ

වෑන් ලොරි අනතුරින් 3කට තුවාලයි

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල - හත්තිනිය ප්‍රදේශයේසිදු වූ අනතුරකින් තිදෙනෙක් බරපතළ තුවාලලබා රෝහල්ගතකර ඇත.

කොළඹ සිට හලාවත බලා ගමන්ගත් සුඛෝපභෝගී වෑන් රථයක් හා හලාවත සිට මීගමුව දක්වා ගමන් ගත් ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. වෑන්රථයේ රියදුරු ලොරි රථයේ රියදුරු හා මාර්ගය අසල බත්පැකට් අලෙවිකරමින් සිටි කාන්තාක් මෙම අනතුරෙන් තුවාල ලබා තිබේ. වෑන්රථයේ රියදුරුට නින්දයෑම මෙම අනතුරට හේතුව බව මාරවිල පොලිසියේ රථවාහන අංශය පැවසීය.

මාරවිල සමූහ
ඡායාරූපය-මාරවවිල සමූහ

නව අදහස දක්වන්න