ලොව භායනකම මත් ද්‍රව්‍යක් සමග කතුන් 02ක් කොටු | දිනමිණ

ලොව භායනකම මත් ද්‍රව්‍යක් සමග කතුන් 02ක් කොටු

ශ‍්‍රී ලංකාවට අලූතෙන් ගෙන ආ මත්කුඩු විශේෂයක් සමග කාන්තාවන් දෙදෙනෙකු වත්තල ඇලකන්ද ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්.

ඊයේ රාත‍්‍රියේ සිදු කළ වැටලීමකදී මත්කුඩු ග‍්‍රෑම් 200කට අධික ප‍්‍රමාණයක් මෙහිදී සුරාබදු නිලධාරීන් භාරයට ගෙන ඇත.

ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධිකයි. 

මෙරට දී ‘‘අයිස්’’ නමින් හදුන්වන ‘‘ මෙතම්පිටමින්’’ නමැති මෙම මත්ද්‍රව්‍ය විශේෂය ලොව භායානකම මත්ද්‍රව්‍ය විශේෂයක් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. 

අදාළ කාන්තාවන් දෙදෙනා මෙම මත් ද්‍රව්‍ය ගුලි ලෙස සකසා සිය සිරුරේ සගවා මෙරටට රැගෙන ආ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. 

ඉන්දියාවේ සිට ඒවා රැගෙන ආ බවටද සැක කෙරෙයි.

අදහස් 1ක් ඇත

This is an question , why the government doesn't take strong strict decisions and imposed heavy punishments like death penalties ( life time imprisonment ) .This time they have been brought one of the world's dangerous drug , so if the higher officials who responsible for this subject that takes it easy in future to expects in big quantities . The other thing is what happens and where it has gone to the drugs that they seized by raids , operations and caught by the custom officials . That everyone has to be alerts and to know all this drugs that brings to the country is to ruins and kills our young generation's life. Hope for the best of laws to impose .

නව අදහස දක්වන්න