පිළියන්දල දී වෙඩි වැදුණු දැරියක් මිය යයි

විජයානි එදිරිසිංහ සහ කැස්බෑව සංචාරක

පිළියන්දල ප්‍රදේශයේදී මීට දින කිහිපයකට ඉහත දී සිදු වූ වෙඩි තැබිමේ සිද්ධියට ‍මැදි වූ ළමුන් තිදෙනා අතරින් 11 හැවිරිදි දැරිය ඊයේ(19) මිය ගියාය.

ඇය වෙඩි ප්‍රහාරයට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. ඇය සමඟ මෙම ප්‍රහාරයට ලක්ව රෝහල් ගතව සිටි අනෙකුත් ළමුන් ෙදදෙනාගෙන් එක් අයෙක් රෝහලෙන් පිටව ගොස් තිබු අතර ‍අනෙක් ළමයා තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙසේ ඊයේ මිය ගොස් ඇත්තේ පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි සමාධි රංසිකා පතිරණ නමැති දැරියයි.

පසුගිය 9වැනිදා රාත්‍රියේ මෙම දැරිය ඇගේ සොහොයුරන් දෙදෙනා සහ මවුපියන් සමඟ පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක රාත්‍රි ආහාරය ගනිමින් සිටියදී ඒ අසල මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට මත්ද්‍රවය ජාවාරම්කරුවන් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කැර ඇත.

එම භයානක වෙඩි ප්‍රහාරය ඉහත හෝටලයේ ආහාර ගනිමින් සිටි දැරියටත් ඇගේ සොහොයුරන් දෙදෙනාටත් එල්ල වී තිබිණි.

වෙඩි වැදීමෙන් එම දැරිය බරපතළ තත්ත්වයේ පසු වු අතර දින ගණනාවකට පසු ඊයේ එම දැරිය මෙසේ මිය ‍ගොස් ඇත.

මෙම ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශයේ‍ පොලිස් පරීක්ෂක රංගජීව මහතාගේ තත්ත්වය තත්ත්වය තවමත් යහපත් අතට හැරී නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අපරාධය සිදු කළ අපරාධකරුවන් සොයා ‍පොලිස් පරීක්ෂණ සිදු කරයි. කණ්ඩායම් එකොළහක් මෙහෙයුමි සිදු කරයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...