ප්‍රථම වතාවට නවදිල්ලියේ දර්ශනීය වෙසක් තොරණක් | දිනමිණ

ප්‍රථම වතාවට නවදිල්ලියේ දර්ශනීය වෙසක් තොරණක්

ප්‍රථම වතාවට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉදි කෙරුණු දර්ශනීය වෙසක් තොරණ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සහ ඉන්දීය ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති කිරන් රිජ්ජු මහත්වරුන් අතින් පසුගියදා (15) නවදිල්ලියේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ‍විය.

අංගුලිමාල කතාවස්තුව නිරූපනය වන අයුරින් අඩි 40ක් උසට ඉදි කෙරුණු තොරණ විදුලි බුබුළු 15,000කින් සමන්විතය.

අංගුලිමාල කතා වස්තුව හින්දි භාෂාවෙන් පටිගත කැර ප්‍රචාරය කෙරුණි.

මෙම වෙසක් තොරණ නිර්මාණය කෙළේ ශ්‍රී ලංකා යුද හමුදා‍වේ ඉංජිනේරු අංශයයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...