කුරුලු ලොවේ අසිරිය කියා පාන අළු කෑඳැති කැදැල්ල

කුරුලු ලොව අපූරුය. ඒවාගේම විවිධාකාරය. ඔවුන්ගේ හැසිරීම්, ජීවන ක්‍රමයන් එකිනෙකට වෙනස්ය. එම වෙනස්බව නිසාම කුරුලු ලොව තුල ඇත්තේ විවධාකාරයේ හැසිරීම් රටාය. එවන් වූ අපුරූ හැසිරීමක සුන්දර කුරුලු පවුලක් අපට දක්නට ලැබුණේ රැස්වෙහෙර ඓතිහාසික පුරාණ රජමහා විහාර භූමියේදීය. ඒ එම භූමියේ මූණමල් ගසක් තුළ වූ බෙනයක අලු කෑදැත්තිය විසින් දමා ඇති බිත්තර රකිමින් තම වර්ගයා බෝ කිරීමට වෙහෙසවෙන අළු කෑදැති ජෝඩුවක්ය. ලංකාවට ආවේනික මෙන්ම දුර්ලභ ගණයේලා සැලකෙන අලු කෑඳැති පවුලක් මෙම පූජා භූමියේ දින ගණනාවක සිට තම බිත්තර රකිමින් ජීවත්වන ආකාරය

ඉතාමත් සුන්දරය. සාමාන්‍ය කුරුලු ජීවන ක්‍රමවේදයට එහා ගිය අපූරූ සුන්දර බැදීමක් මෙම කැදැත්තා හා ගැහැණු කෑදැත්තා අතර ඇති බවට එහි ගිය අවස්ථාවේදී අපට දැකිය හැකි විය. තම වර්ගයා බෝ කිරීමට කිරිල්ලිය විසින් දමා ඇති බිත්තර කිරිල්ලයගේ උණුසුමින් තරමක් හෝ මිදීමට ඉඩ නොදී ගැහැණු කෑදැත්තිය එය ඇගේ උණුසුමින් වසා සිටි අයුරුත් පිරිමි කෑදෑත්තා එම ගැහැණු සතාට අවැසි ආහාර ආදිය ගෙනැවිත් දෙන අයුරුද සොදුරු ආකාරයෙන් එහිදී දැකිය හැකිය.

තම පුංචි කැදැල්ල තුළ වූ බිත්තරත්, කිරිල්ලියටත් ආරක්ෂාව සැපයීම සදහා ඔවුන් සිටින බෙනය පිරිමි කෑදැත්තා විසින් විශේෂිත ලාටු විශේෂයකින් හා මැටි වර්ගයකින් ආවරණය කර තිබේ. මෙහිදී කිරිල්ලියගේ හොටය තරමක් පමණ දුරට එළියට දැමීමට හැකිවන සේ එම මැටි බදාමය හරහා කුඩා සිදුරක් ඉතිරි කර තිබේ. ආහාර සොයාගෙන එන පිරිමි කෑදැත්තා තරමක් එළියට විත් ඇති කිරිල්ලියගේ හොටින් එම ආහාර තැබීම ඉතාම ආශ්චර්යකි. පිරිමි කෑදැත්තාගේ මෙම කැපකිරීම බෙනය තුල ඇති බිත්තර පුපුරා පැටවුන් මෝරා ඉගිලෙන තුරුම සිදුවන බව වනජීවී නිලධාරීහු කියා සිටියහ. පැටවුන් ලොකු වී ඔවුන් පරිසරයට අනුගත වී තනිව වාසය කළ හැකි මට්ටමට පත්වීම සදහා මාස පහක පමණ කාලයක් ගතවන බව ඒ නිලධාරීහු කියා සිටියහ.

කුරුලු ලොව සුන්දරත්වය අගයන මෙම දසුන ඉතාම දුර්ලභ බවත්, ඒ වගේම අවදානම් සහිත බවත් කියමින් මේ පිළිබද අදහස් දැක්වූයේ මීගලෑව වනජීවී කාර්යාලේ ප්‍රධානී නිමල් බන්ඩාර රත්නායක මහතායි.

‘‘විශේෂයෙන්ම මෙම අළු කෑදැත්තන් අපේ රටට ආවේනික කුරුලු විශේෂයක්. මේ දිනවල රැස්වෙහෙර රජමහා විහාරයේ එම අළු කෑදැත්තන්ගේ සුන්දර දර්ශනයක් අපිට දකින්න ලැබෙනවා. කිරිල්ලි ඒ ගසේ බෙනයක බිත්තර රකින අයුරුත් පිරිමි සතා කිරිල්ලියට ආහාර ගෙනැවිත් දෙන ආකරයත් අපිට දකින්න පුළුවන්.. ඒ වගේම තමා කිරිල්ලියගේ සදහා පැටවුන්ගේ ආරක්ෂාවට පිරිමි සතා විසින් බෙනය වහලා ආවණයක් යෙදාලා තියනවා. එක අතකින් මේක අවදානම් තතත්වයක් වගේ ඔවුන්ගේ ආරක්ෂාවට යහපත් දෙයක්. මොකද කුමන හෝ හේතුවකින් පිරිමි සතා මිය ගියොත් කිරිල්ලියට ඒ ආවරණය ඉවත් කරගැනීමට නොහැකි වුනොත් පැටවුන් සහ කිරිල්ලියගේ ජීවිත පිළිබද අවදානමක් එතන තියනවා..“

කෙසේ වෙතත් මෙම කුරුල්ලන් තම වර්ගයා බෝ කිරීම සදහා උචිත ස්ථානයක් වශයෙන් තෝරා ගනු ලබන්නේ උස් ස්ථානයකි. එය සාමාන්‍යයෙන් අඩි 20 ක් 25 ක් පමණ ඉහළින් ඇති ස්ථානයකි. නමුත් මෙම කුරුලු ජෝඩුව සිය නවාතැන ඉදිකර ඇත්තේ පොළෝ මට්ටමේ සිට අඩි හතරක් පමණ උසකින් ඇති බෙනයක් තුල වීම මෙහි ඇති විශේෂිතම ලක්ෂණයි. ඒ නිසා ඉතාම හොදින් මිනිස් ඇසින් මෙම සොදුරු දසුන නැරඹීමට හැකියාව ලැබී තිබේ. නමුත් මෙම ස්ථානය මුලින්ම දුටු මිනිසුන් විසින් අදාළ බෙනයේ ආරක්ෂිත මැටි ආවරණය තරමක් ඉවත් කර ඇති අතර වනජීවී නිලධාරීන් විසින් විස්තර කියා දුන් පසු එය නවතා දමා තිබේ.

සටහන සහ ඡායාරූප
ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන් 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...