ප්‍රේමය වෙනුවෙන් රජ සැප අතහරින ජපන් කුමරිය | දිනමිණ

ප්‍රේමය වෙනුවෙන් රජ සැප අතහරින ජපන් කුමරිය

සාමාන්‍ය වැසියෙකු විවාහ කර ගැනීම සඳහා ජපන් රාජ කුමාරියක සිය රාජකීයත්වය අතහැරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

අකිහිතෝ අධිරාජ්‍යයාගේ පළමු මිනිබිරිය වන මාකෝ කුමරිය විවාහ ගිවිස ගැනීමට නියමිතව ඇත්තේ නීති සමාගමක සේවය කරන කෙයි කොමුරෝ සමඟය.

දෙදෙනාම විසිපස් හැවිරිදි වියේ පසු වෙයි.

ටෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ 2012 වසරේදී ය.

ජපානයේ රාජකීය නීතියට අනුව රාජ කුමාරියක විසින් සාමාන්‍ය පුද්ගලයෙකු විවාහ ගිවිස ගනු ලබන්නේ නම් ඇය රජ පවුලෙන් ඉවත්වීම අනිවාර්ය වෙයි.

ඉතිහාසයේ ප්‍රථම වරට ජපන් රජ පවුලේ කුමාරියක විසින් සාමාන්‍ය වැසියෙකු විවාහ කරගනු ලැබුවේ 2005 වසරේදී වන අතර ඒ මාකෝ කුමරියගේ නැන්දණිය වන සයාකෝ කුමරිය විසිනි.

ටෝකියෝ නගර සභාවේ නාගරික සැලසුම්කරුවෙකු සමඟ විවාපත් ඇය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු බවට පත්වූ පළමු ජපන් රාජ කුමාරිකාව ලෙස ඉතිහාසගත විය.

අනතුරුව එක් කාමරයක් පමණක් සහිත මහල් නිවාසයක පදිංචි වූ සයාකෝ කුමරියට මෝටර් රථ පැදවීම සහ වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගැනීම වැනි සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් මුල සිට ඉගෙනීමට සිදුවී තිබේ.

සයාකෝ කුමරිය, අකිහිතෝ අධිරාජ්‍යයාගේ දරුවන් අතර සිටින එකම දියණිය වෙයි.

අසූතුන් හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා ද තම රාජකාරිවලින් ඉවත්විය යුතු බවට පසුගිය අගෝස්තුවේ දී ඇඟවීමක් කර තිබුණි.

(BBC-ඇසුරෙණි)

අදහස් 1ක් ඇත

samanaya samiyeku samaga aya raja sapa widimata labiya haki bawa ,aya danneya!

නව අදහස දක්වන්න