ඒ්.වයි.ඒස් ඥානම් ගුණ­ස­මරු උත්ස­වය ජන­ප­තිගේ ප්‍රධා­න­ත්ව­යෙන් | දිනමිණ

ඒ්.වයි.ඒස් ඥානම් ගුණ­ස­මරු උත්ස­වය ජන­ප­තිගේ ප්‍රධා­න­ත්ව­යෙන්

දිවංගත දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ ගුණසමරු උත්සවයට සමගාමීව ටෝකියෝ සිමෙන්ති සමූහයේ නවතම ජෛව ඉන්ධන විදුලි බලාගාරය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් ත්‍රිකුණාමලයේ පිහිටි කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී නොබෝදා විවෘත කෙරිණි.

මැයි මස 5 වෙනිදාට යෙදෙන ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන්ගේ ජන්ම දින ගුණසැමරුම අළලා පෙළගස්වා තිබුණු ‍විශේෂ වැඩසටහහන් අතරට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් මෙම ජෛව ඉන්ධන විදුලි බලාගාරය විවෘත කිරීමට අමතරව යුද්ධයෙන් අවතැන් වූ පවුල් 25ක් සඳහා සමාගම විසින් නිලාවේලි ප්‍රදේශයේදී ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීම සහ සුනාමියෙන් අවතැන් වූ පවුල් 25කට මින් පෙර ප්‍රදානය කරන ලද නිවාස වල ඔප්පු ප්‍රදානය සහ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයේම ඉදිවන තාක්ෂණික ගොඩනැඟිල්ලක් සඳහා මුල්ගල තැබීම මෙදින සිදු කෙරිණි.

උත්සව මාලාවේ කූඨප්‍රාප්තිය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විවෘත කිරීමේ උත්සවයට ගරු විපක්ෂ නායක ආර්. සම්බන්දන් මැතිතුමා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ට අමතරව ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාරීත්වය නියෝජනය කරමින් එහි සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමුහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සේවක මහත්ම මහත්මීන් සහභාගීව සිටියහ.

ටෝකියෝ සිමෙන්ති සමූහයේ ආරම්භක සභාපති දේශමාන්‍ය A.Y.S. ඥානම් මැතිතුමන් යනු ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී සේවාවක් ඉටු කළ යුග පුරුෂයෙකි. ඉතිහාසයේ ප්‍රථමවරට පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කරවමින් ස්ථිරසාර කාර්මීකරණයේ පුරෝගාමී පියවරක් තැබූ එතුමන්ගේ යුග මෙහෙවර ස්මරණය කරමින් දියත් කෙරුණු නව බලාගාරය විවෘත කිරීමට ජනාධිපතිවරයාගේ සහභාගීවීම ටෝකියෝ සිමෙන්ති සමූහයේ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි.

නව අදහස දක්වන්න