මුතු බෙල්ලන් වගාව යළිත් අරඹයි | දිනමිණ

මුතු බෙල්ලන් වගාව යළිත් අරඹයි

උදිත ගුණවර්ධන

ලකට පෙර මෙරට ප්‍රචලිතව තිබූ මුතු බෙල්ලන් වගාව නැවත මෙරට ජනප්‍රිය මුහුදු ආශ්‍රිත කර්මාන්තයක් බවට පත් කිරීමට නාරා ආයතනය කටයුතු සැලසුම් කර තිබේ. මෙම නව ව්‍යාපෘතිය සඳහා ධීවර හා ජලජ සම්පත් අැමැති මහින්ද අමරවීර මහතාගේ මග පෙන්වීම හා උපදෙස් ලැබේ.මිරිදිය සහ කරදිය ආශ්‍රිතව සිදු කරන මෙම මුතු බෙල්ලන් වගාව සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගැනීමටද නාරා ආයතනය කටයුතු කර තිබේ.

හලාවත සිට සිලාවතුර දක්වා වූ මෙරට වයඹ මුහුදු තීරය ආශ්‍රිතව මෙම වගාව සිදු කිරීමට වඩාත් උචිත පරිසරයක් ඇති අතර සෙසු ප්‍රදේශවලදීද මුතු බෙල්ලන වගාව සිදු කළ හැකිය. මෙම මුතු බෙල්ලන් වගා කිරීමේ කර්මාන්තය නිසා ධිවර ප්‍රජාවට විශාල ආදායමක් අමතර ලෙස උපයාගත හැකිය.

පසු ගිය කාලයේදී ඇති වූ ස්භාවික අාපදා තත්ත්වයන් සහ යුද වාතාවරණය නිසා මුතු බෙල්ලන් වගා කිරීමේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණ අතර යළිත් මෙම කර්මාන්තය මෙරට ස්ථාපිත කිරීමට සැරසෙන්නේ අවුරුදු තිහකට පසුවය.

දැනට ලෝකයේ ප්‍රධානම මුතු බෙල්ලන් නිෂ්පාදකයා වන පාකිස්ථානය වසරකට අමෙරිකානු ‍ඩොලර් බිලියන 6000 ක පමණ ආදායමක් උපයන අතර මෙරටද මුතු වගාව නැවත සාර්ථක ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණහොත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට උපයා ගැනීමට හැකි වෙතැයි ආර්ථික විශ්ලේශකයෝ සඳහන් කරති

නව අදහස දක්වන්න