නිවෙස ආලේපනයට සුදුසු වර්ණ | දිනමිණ

නිවෙස ආලේපනයට සුදුසු වර්ණ

ප්‍රියජනක වර්ණ දැකීම, ඔබේ මානසික සෞඛ්‍ය වෙනස් කිරීමට උපකාරී වන බව සොයාගෙන තිබේ. ඒ අතරින් වර්ණ කිහිපයක්, ඔබේ ආතතිය දුරලීමට මහත් සේ උපකාරී වේ. මෙවැනි වර්ණ නිවෙසේ බිත්ති මත ආලේපනය මඟින්, ඔබේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට හැකි ය.

වර්ණ, ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමට සමත් ය. මේ, එම වර්ණවලින් හැඟවෙන අරුත් ය.

නිල් වර්ණය - මානසික ආතතිය දුරලීමේ විශේෂ හැකියාවක් නිල් පැහැය සතු ය.

කොළ පැහැය - සොබාදහම සංකේතවත් කරන කොළ වර්ණය, සිත සැහැල්ලු කිරීමට උපකාරී වේ. කහ මිශ්‍ර කොළ වර්ණය මෙහිදී වඩාත් උචිත වේ.

රෝස පැහැය -කාන්තාවන්ගේ වර්ණයක් ලෙස රෝස පැහැය හැඳින්වුවත්, සිත සන්සුන්ව තබා ගැනීමට රෝස පැහැය උදවු වේ.

සුදු පැහැය- පාරිශුද්ධත්වයේ වර්ණය වන සුදු පැහැය, සිත ප්‍රබෝධවත්ව තබා ගැනීමට උපකාරී වේ. ගැබිණි මවුවරුන්ට, සුදු පැහැ ගැන්වූ කාමර, වඩාත් යෝග්‍ය වේ.

දම් පැහැය- ශක්තිය, සාමය හා විමුක්තිය , මින් නිරූපණය වේ. එය, සාමකාමී වටපිටාවක් ඇති කිරීමට උපකාරී වේ.

අළු පැහැය- මෙය අඳුරු පැහැයක් ලෙස බොහෝ දෙනා සිතුවත්, එම වර්ණයන් ඔබේ සිත සැහැල්ලු වේ. ඒ වගේම මෙය, නිල් පැහැය හෝ සුදු වර්ණය සමඟ මිශ්‍රව භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.

කහ පැහැය- ඔබට ප්‍රබෝධවත්ව අවදි වීමට නම්, නිවෙසේ කහ පැහැය ආලේපනය වඩාත් සුදුසුයි. සිත ප්‍රබෝධවත්ව හා නැවුම්ව තබා ගැනීමට මේ වර්ණය උපකාරී වේ.

යශෝධා

නව අදහස දක්වන්න