තාජුඩින් ‍ඝාතන සිද්ධිය | දිනමිණ

තාජුඩින් ‍ඝාතන සිද්ධිය

සිරන්ජනි කුමාරි

රාජකාරී සටහන් පොතේ කොළ කැඩීම ගැන හිටපු ජනපති ආරක්ෂක අටකගෙන් ප්‍රශ්න කළා

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන් ඝාතනය වු ආසන්න දින දහයක් ඇතුළත හිටපු ජනපති ආරක්ෂක සේනාව මඟින් පවත්වාගෙන ගිය දෛනික රාජකාරි සටහන් ලේඛනයේ කොළ කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව එම සේනාවේ කොප්‍රල්වරුන් අටදෙනෙකු හා සැරයන්වරයකු රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කළ බවට රහස් පොලිසිය ඊයේ (4) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දුන්නේය.

මෙම සේනාවේ ප්‍රධානියා ද රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගත් බවට නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මිස්බා මහතා පොඩ්ඩන්ගේන් ප්‍රශ්න කර වැඩක් නැති බවත් ප්‍රධානින් ගෙන්වා ප්‍රශ්න කරන ලෙසට පවසමින් රහස් පොලිසිය චෝදනාත්මකව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

කොප්‍රල් ප්‍රියන්ත කුමාර රාජපක්ෂ, කෝප්‍රල් බ්‍රහනායක මුදියන්සේලාගේ ජයන්ත සේනාරත්න, කෝප්‍රල් බුද්ධික කරුණාරත්න, සැරයන් වසන්ත රෝහණ, කෝප්‍රල් ආර්.ඒ.පාලිත මහේෂ් පුෂ්ප කුමාර,කෝප්‍රල් රංජිත් ප්‍රියන්ත කුමාර, කෝප්‍රල් ඉන්දික සරත්, කෝප්‍රල් පී.ජි. සනත් කුමාර හා කෝප්‍රල් ආර්.රංජිත් දසනායක යන ගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගෙන තිබේ.

මීට අමතරව තවත් නිලධාරීන් කිහිපදෙනකු මේ මස 10 වනදින සිට 22 වන දින දක්වා කාලයේ දී රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියා කරන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

තාජුඩින් ‍ඝාතන සිද්ධිය ඊයේ (4) යළි කැඳවු අතර වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ හිටපු ජනපති ආරක්ෂක සේනාව මඟින් පවත්වාගෙන යනු ලබන ලේඛන තමන් භාරයට ගෙන විමර්ශන කිරීමේ දී දෛනික ආරක්ෂක රාජකාරී සම්බන්ධ සටහන් පවත්වාගෙන යන ලේඛනය‍ 2012/5/10 සිට 2012/5/22 කාලයේ එම ලේඛනයේ කොළ කිහිපයක් කඩා හෝ කපා ඉවත් කර ඇති බවත් එය පිටතට නොපෙනෙන ආකාරයට විනිවිද පෙනෙන සෙලෝටෙප් පටියක් දික්අතට අලවා දෙපස කොළ දෙක එකට අලවා ඇති බව නිරීක්ෂණය වු බවට සඳහන් කර තිබිණි.

මේ අනුව මි‍ට අදාළ ව එවක ජනපති ආරක්ෂක සේනාවේ සිටි කර්නල්වරයෙක්, මේජර්වරුන් තිදෙනෙක් සැරයන්වරුන් හතරදෙනෙකුගෙන් ද රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශ ලබා ගත් බවට ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මිට අමතරව ප්‍රශ්න ගත කාලසිමාවේ දී රාජකාරී කළ නාවික හමුදා හා යුද හමුදා නිලධාරීන් සම්බන්ධ කරුණු ද අදාළ හමුදාපති හා නාවික හමුදාපති හරහා ලිඛිතව ලබා ගැනීමට ද ක්‍රියා කරමින් සිටින බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වු නිතීඥ මිස්බා මහතා පැවසුවේ පළමු පශ්චාත් මරණ පරික්ෂණයේ දී මරණය රිය අනතුරකින් සිදු වු බවට සඳහන් කළ ද දෙවන පශ්චාත් මරණ පරික්ෂණයේ දී ඝාතනයක් බවට කරුණු අනාවරණය වි වසර දෙකක් ගත වුවද මෙතෙක් නිසි මිනිමරුවන් අත්අඩංගුව‍ට ගෙන නොමැති බව සඳහන් කළ නීතිඥවරයා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වැරැදි නිගමනයක් දීම සම්බන්ධයෙන් විවෘතව කරුණු තිබිය දී රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම මඟහරිමින් සිටින බව පැවසීය.

ඊට පිළිතුරු ලබා දුන් රජයේ අධි නීතිඥවරයා පැවසුවේ වෛද්‍ය සභාවේ විමර්ශනය මැයි මස අවසන් කරන බවට දැනුම් දී ඇති බවත් එම විමර්ශනය අවසන් වු පසු හිටපු අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසිංහ මහතා සම්බන්ධයෙන් තිරණයක් ගත හැකි බව පැවසීය.

පුද්ගලික් ඔත්තුකරුවන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව දුරකථන කුලුනු හරහා ලබා ගත් දුරකථන විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවට ද රහස් පොලිසිය වෙත කරුණු දක්වා තිබිණ.

මිට අමතරව මරණකරු ලුහුබැද ගිය වියෝස් වාහනය සොයා

විමර්ශන පවත්වන බවත් සැකකරු තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා පළමු සැකකරු වු දැනට ඇප මත සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේ‍රා මහතා ට ජුනි මස 6 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් දෙවන සැකකරු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මේ මස 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කිරීමට නියම කළේය. 

නව අදහස දක්වන්න