‘කාන්තා­ව­නුත් පිරි­මින් තර­ම­ටම නිපු­ණ­තා­වෙන් පූර්ණයි’ | දිනමිණ

‘කාන්තා­ව­නුත් පිරි­මින් තර­ම­ටම නිපු­ණ­තා­වෙන් පූර්ණයි’

මිෂෙල් ඔබාමා කාර්යා­ලයේ හිටපු අධ්‍ය­ක්ෂිකා ක්‍රිෂාන්ති විග්න­රාජා

කාන්තාවන්ගේ අධ්‍යාපනික සවිබල ගැන්වීම හා ආර්ථික ඉඩ ප්‍රස්ථාව” යන මැයෙන් සුවිශේෂී දේශනයක් පසුගිය දා හේමාස් ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුණේ, කාන්තා සවිබලගැන්වීම වෙනුවෙන් දායකත්වය ලබාදෙන කලාපීය විශ්වවිද්‍යාලයක් වන බංග්ලාදේශයේ පිහිටා ඇති කාන්තාවන් සඳහා වන ආසියානු විශ්වවිද්‍යාලයේ (AUW), ශ්‍රී ලාංකික අමෙරිකානු ජ්‍යෙෂ්ඨ උපදේශිකා සහ අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා මැතිනියගේ කාර්යාලයේ ප්‍රතිපත්ති අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ති විග්නරාජා මහත්මිය විසිනි. එහි දී අදහස් දැක් වූ ඇය කාන්තාවන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් වෘත්තීය අනාගතය සංවර්ධනය කර ගැනීමේ වැදගත්කම ගැනත් අදහස් පළ කළාය.

උතුරු පළාතේ ඉපදුණු ඇය රට තුළ පැවැති ගැටුම්කාරී තත්ත්වය නිසා කුඩාකලම ඇගේ පවුලේ පිරිස් ද සමඟ රටින් පිටව ගියාය. එතැන් පටන් බටහිර අධ්‍යාපනයත් විවෘතව සිතීමේ නිදහසත් භාවිත කරමින් සමාජයේ ඉහළම තැනකට පැමිණීමට සමත් වූවාය.

“ඔබ ඉපදුණේ කොයි වගේ සමාජ තලයක ද කියන දේ ඔබේ ඉදිරිගමනට කිසිවිටෙකත් බාධාවක් කරනොගත යුතුයි. මම ඉපදුණේ ලංකාවේ උතුරු පළාතේ. කුඩා වයසේදීම මට රටින් පිටවීමට සිදුවුණේ ඒ වනවිටත් යුද ගැටුම් නිර්මාණය වී තිබුණු නිසායි. අපි මුලින්ම නයිජීරියාවට යාමටයි සැලසුම් කර තිබුණේ. නමුත් අපේ වාසනාවකට අමෙරිකාවට යන්න අවස්ථාව ලැබුණා. අධ්‍යාපනය නිසා අමෙරිකාව තුළ ඉදිරියටම එන්න මට හැකිවුණා” ඇය පැවසුවාය.

“මම ධවල මන්දිරයේ රාජකාරි කළ සමයේ දී අපි දකුණු කොරියාව, ජපානය, එක්සත් රාජධානිය සහ වෙනත් රටවල් රැසක් සමඟ එක්ව කටයුතු කරන්න ඉඩ ලැබුණා. එහි දී අපිට පෙනී ගිය කරුණක් තමයි අධ්‍යාපනය තුළින් කාන්තාවන් ඉදිරියටම ගෙන ආ හැකියි කියන දේ”.

“කාන්තාවන් ඉහළට අධ්‍යාපනයේ නිරත වීම සමාජය තුළ තිබිය යුතුම ලක්ෂණයක්. මොකද කියනවා නම් කාන්තාවන් ඉහළට අධ්‍යාපනය ලැබූ සමාජයකින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමට ලැබෙන දායකත්වයත් ඒ හා සමානවම ඉහළයි. මේ නිසා කාන්තා අධ්‍යාපනය දියුණු කිරීමට අපි පුළුල් අවධානයක් ලබා දිය යුතුයි”. “ඒ වගේම කාන්තාව අධ්‍යාපනික වශයෙන් බලගැන්වීමෙන් මූල්‍යමය වශයෙන් පමණක් නොවෙයි මූල්‍ය නොවන සාමාජීය අංශ හරහාත් ප්‍රගමනයක් ඇති වෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයත් පැවතිය යුතුයි. මන්ද කාන්තාවනුත් පිරිමින් තරමටම නිපුණතාවයෙන් පූර්ණයි”.

 

“මා ජෝර්දානයේ කළ සංචාරයක දී දුටු දෙයක් තමයි එහි කාන්තාවන් ඉතා ඉදිරිගාමීයි. පිරිමින්ටත් වඩා ඉදිරියට ඇවිත් සමාජය තුළ කටයුතු කරන්නට සමාජය මෙහෙයවන්නට ඔවුන් පටන් අරන් තියෙනවා”. 

 

නව අදහස දක්වන්න