හමී­ඩියා වෙතින් ලිනන් සරොම් | දිනමිණ

හමී­ඩියා වෙතින් ලිනන් සරොම්

අර්ථකථනයක් ගෙන දෙමින් හමීඩියා ආයතනය විසින් ලොව පළමු ලිනන් සරොම් වෙළෙඳපොළ වෙත නිකුත් කරයි. ඉතා සුවපහසු ඇඳුමක් ලෙස සැලකෙන සරොම පිළිබඳ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමය හිමි සමාගම වන හමීඩියාහි අවධානය හිමි වී තිබේ. වසරක කාලයක් පුරා විවිධ වූ අත්හදා බැලීම්වල නිරත වූ හමීඩියා ආයතනය ලෝක මට්ටමේ උසස් විලාසිතාවක් පරිවර්තනය කිරීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ පිරිමි විලාසිතා ඇඟලුම් සම්බන්ධ විශේෂඥයකු වන හමීඩියා පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා පවසන්නේ ,අප විසින් හඳුන්වා දී ඇති මේ සරොම් වර්ගය විශේෂිත වන්නේ සම්පූර්ණ රෙදිකඩම කිසිදු මැහුමකින් හෝ සම්බන්ධ කිරීමකින් තොරව නිර්මාණය කිරීමයි. විශිෂ්ටතම අයුරින් නිමා වූ ඇගලුම් කෙරෙහි ඇලුම් කරන මහත්වරුන් වෙනුවෙන් නවතම විලාසිතා නිර්මාණ ඉදිරිපත් කිරීම කෙරෙහි අප තුළ ඇති ආශාව නිසා ඇත්ත වශයෙන්ම මේ සරොම නිර්මාණය වුණා. පිරිමි විලාසිතා සඳහා නවතාවක් එක් කිරීමට සහ අපගේ සුවිශේෂිත වූ විලාසිතාවන් තුළින් හොඳම දේ පාරිභෝගිකයා වෙත ලබා දීමට කෙරෙන පරිශ්‍රමය ඔස්සේ ඔවුන් වෙනුවෙන් නිමැවෙන සරොම් සඳහා උසස් සුවපහසුවක් සහ මනා නිමාවක් සංයෝජනය කිරීමට අප වග බලා ගන්නවා. ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ මුල් බැස ගෙන ඇති ඇඳුමක් වන සරොම සඳහා මෙවැනි නවතාවක් ගෙන දීම බෙහෙවින් යෝග්‍ය වෙනවා.

ඊට හේතුව වන්නේ මේ සාම්ප්‍රදායික ඇඳුම ලෝකයේ විලාසිතා ප්‍රවණතාවන් සමඟ මනා ලෙස ගැළපීමත් එය ඕනෑම උත්සව අවස්ථාවකට සුදුසු වීමත්ය. පසුගිය වසර ගණනාවක කාලය තුළ දී සරොම සමාජ කණ්ඩායම් අතර ප්‍රසිද්ධියට පත් වූ අතර මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවේ දී අපගේ අභිප්‍රාය වන්නේ විලාසිතාපිළිබඳ සැලකිලිමත් වන පිරිමින් වෙනුවෙන් සාම්ප්‍රදායික ඇඳුම් විශිෂ්ටම ආකාරයකින් තිළිණ කිරීමයි.

නව අදහස දක්වන්න