ගාල්ලෙන් වකුගඩු රෝගීන් 579 ක් | දිනමිණ

ගාල්ලෙන් වකුගඩු රෝගීන් 579 ක්

ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් වකුගඩු රෝගීන් 579 දෙනකු වාර්තාවී ඇතැයි ජාතික වකුගඩු රෝග නිවාරණ ඒකකයෙන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ඒ අනුව 122ක් වූ ගාල්ල දිස්ති‍්‍රක්කයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් හමුවී තිබෙන්නේ හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනි.

දෙවැනියට වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී තිබෙන්නේ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 57 කි.

බලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වකුගඩු රෝගීන් 53 ක් හමුවී ඇති අතර, එය ගාල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් වාර්තා වූ තෙවැනි වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවයි.

බෝපේ පෝද්දල වකුගඩු රෝගීන් 51 ක්, කඩවත් සතර වකුගඩු රෝගීන් 46, අක්මීමන වකුගඩු රෝගීන් 40 ක්, යක්කලමුල්ල වකුගඩු රෝගීන් 38 ක්. කරන්දෙණිය වකුගඩු රෝගීන් 27ක්, නියාගම වකුගඩු රෝගීන් 26 ක්, නාගොඩ වකුගඩු රෝගීන් 25 ක්, වැලිවිටිය වකුගඩු රෝගීන් 19 ක්, නෙළුව වකුගඩු රෝගීන් 14 ක්, ඉමදුව වකුගඩු රෝගීන් 14 ක්, හබරාදුව වකුගඩු රෝගීන් 14 ක්, ඇල්පිටිය වකුගඩු රෝගීන් 12 ක්, තවලම වකුගඩු රෝගීන් 08 ක්, ගෝනපීනුවල වකුගඩු රෝගීන් 07 ක්, අම්බලන්ගොඩ වකුගඩු රෝගීන් 04 ක්, බෙන්තොට වකුගඩු රෝගීන් 02 ක්, වාර්තා වී ඇතැයි එම දත්ත සටහන පෙන්වා දෙයි.

වකුගඩු රෝගය මර්ධනය කිරීමේ අරමුණින් බද්දේගම, හික්කඩුව, හබරාදුව ඇතුළු තෝරාගත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12ක වකුගඩු රෝග නිවාරණ වැඩසටන් 31ක් කි‍්‍රයාත්මක කර තිබෙන බවද වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටන නිකුත් කළ දත්ත වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

(ලංකින්ද නානායක්කාර - ඉමදුව සමුහ)

නව අදහස දක්වන්න