සැරසිලි සඳහා පොලිතින් භාවිතය තහනම් ? | දිනමිණ

සැරසිලි සඳහා පොලිතින් භාවිතය තහනම් ?

පොලිතින් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සම්බන්ධයෙන් වන විද්වත් කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

ඒ මධ්‍යම පරිසර අධිකාරිය විසින්.

එම අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, කේ. එච්. මුතුකුඩආරච්චිප්‍රකාශ කළේ, ඉඳුල් දවටන සහ ආහාර ඇසුරුම්, රිජිෆෝම් පෙට්ටි භාවිතයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ වී ඇති බව ය.

මේ අතර, පරිසරයට හානි දායක පොලිතින් සහ ප්ලාස්ටික් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ද එම විද්වත් කමිටු වාර්තාවේ සඳහන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

සැරසිලි සඳහා පොලිතින් භාවිතය ඉවත් කළ යුතු බව ද එම වාර්තාවේ සඳහන් අතර අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියෙන් පසු එම වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න