ජනමාධ්‍ය ඇමැති ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසම ගැන නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි | දිනමිණ

ජනමාධ්‍ය ඇමැති ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසම ගැන නිලධාරීන් සමඟ සාකච්ඡා කරයි

ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ඇතිකිරීම සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව, පුවත්පත් මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් සමඟ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා‍ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණ.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සාමාජිකයන් සමඟ පැවැති සාකච්ඡාවට එහි සාමාජිකයන් වූ මණික් ද සිල්වා, කුමා නඩේෂන්, සුකුමා රොක්වුඩ්, කමල් ලියනාරච්චි, කුමාර් ලොපෙස් යන මහත්වරු සහභාගී වූහ.

එමෙන්ම පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් සමඟද ස්වාධින මාධ්‍ය නියාමන කොමිසම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති අතර මෙම අවස්ථාවට මණ්ඩලයේ සභාපති බන්දුල වෙල්ලාල මහතා සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත, ගාමිණී සුමනසේකර, පුවත්පත් මණ්ඩයේ වැඩබලන කොමසාරිස් නිරෝෂන් තඹවිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලංසූරිය යන මහත්වරු එක්වූහ. ස්වාධින මාධ්‍ය නියාමන කොමිසම සම්බන්ධයෙන් මෙහිදි අදහස් ඉදිරිපත්විය.

එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයට යටතේ ඇති ආයතනයන්හි කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ පිළිබඳ විශේෂ සාකච්ජාවක්ද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ.

සෙසු ආයතනවලට ආදර්ශකයක් ලෙස එය පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර කසළ එකතුවීම වැළැක්වීම, ඉවතලන ද්‍රව්‍ය නැවත ප්‍රයෝජනයට ගැනීම, නිසි ලෙස කසළ බැහැර කිරීමෙන් කාර්යාල පරිශ්‍රයන් පරිසර හිතකාමී ස්ථාන බවට පත් කිරීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත් කසළ පිළිබඳව ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු බවත් ඇමැති ගයන්ත මෙහිදී ආයතන ප්‍රධානීන් වෙත පැවසීය. 

නව අදහස දක්වන්න