මෝල්කාවේ මහා පරිමාණ වැලි තොටුපළක් වටලයි

බෝට්ටු 3ක් සහ උපකරණ තොගයක් අත්අඩංගුවට

කුකුලේග‍ඟේ මෝල්කාව තොටුපළේ පවත්වාගෙන ගිය මහ පරිමාණයේ අනවසර වැලි තොටුපළක් වටලා එහි තිබුණ බෝට්ටු තුනක්, වැලි කියුබ් පහළොවක් හා ගොඩදැමීමේ උපකරණ තොගයක් කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරින් තිප්පල වටකරනවිට වැලි කැපීමේ නියැලුනු අය ගඟ දිගේ පීනා කැලෑවට පලාගොස් ඇත. මෙම අනවසර වැලි තොටුපළින් බදුරලිය, බුලත්සිංහල හා මෝල්කාව ප්‍රදේශයේ අසල ප්‍රවාහනය කරමින් වැලි අලෙවි කිරීමේ යෙදී ඇති බව පොලිසිය කියයි.

මෙම වැලි තොටුපළට යොදාගත් සවල්, යකඩ, බාල්ලි කුඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් වැලි තොගය බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදී ඇත.

බෝට්ටු මතුගම පොලිසිය වෙත ගෙනඑන ලදී.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ මෙහෙවීමෙන් කළුතර නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති තිලංග සංජීව, පොලිස් සැරයන් ශාන්ත, සමන්, රොෂාන්, අශෝක යන මහත්වරු වැටලීම කළහ. 

මතුගම සංචාරක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...