රඹුක්කන මාළු වෙළෙඳසල් පොහෝ දිනත් විවෘතයි | දිනමිණ

රඹුක්කන මාළු වෙළෙඳසල් පොහෝ දිනත් විවෘතයි

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග

ඉකුත් බක් පොහෝ දිනයේ රඹුක්කන නගරයේ මාළු කඩ විවෘතකර තිබෙනු දක්නට ලැබිණි.

2017 ජාතික වෙසක් මංගල්‍යය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන, රාජ්‍ය ආයතන විවිධ වැඩ සටහන් සංවිධාන කරමින් පවතින මෙවන් අවස්ථාවක රඹුක්කන නඟරයේ මාළු වෙළෙඳසල් පොහෝ දින විවෘතකර තැබීමෙන් බෞද්ධ ජනතාවට අවමානයක් වු බව නගරයට පැමිණෙන ජනතාව පවසයි.

පොහෝදින මස් මාළු වෙළෙඳ සල් මෙන්ම රට බීම හල් පවා වසා දැමීමට ක්‍රියා කළද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ඇතමුන් පවසන අතර, තවත් පිරිසක් පවසා සිටියේ පළාත් පාලන ආයතන විසුරුවා හැරීමත් සමඟ මේස සඳහා මැදිහත් වීමට කිසිදු නිලධාරියෙක් ඉදිරිපත් නෙවන බවද වැඩිදුරටත් කීය.

කෑගල්ල දිස්ත්‍රීක්කයේ අනෙකුත් නගරයන් වල පොහොදින මස් මාළු වෙළෙඳ සල් සහ රටබීම සල් වසා තැබීමට පියවර ගත්තද රඹුක්කන නගරයට වෙනත් නීතීයක් ක්‍රියාත්මක වන බව මෙමඟින් පැහැදිලි වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...