වියළි කාලාපයේ පළමු උද්භිද උයන මිරිජ්ජවිල

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය නොහොත් හම්බන්තොට උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ ඉදිකරනු ලැබු පළමු උද්භිද උද්‍යානය වේ.

කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ මිරිජ්ජවිල ප්‍ර දේශයේ මෙම උද්‍යානය පිහිටා ඇත. උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලත් දකුණු පසින් මාගම්පුර වරායත් ඇති අතර මිරිජ්ජවිල හන්දියේ සිට කිලෝ මීටර් පහක් මිරිජ්ජවිල සුරියවැව මාර්ගයේ ගියවිට උද්‍යානයට ළඟාවිය හැකිය.

වර්ෂ 2006 උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවිට එම භූමිය කටු පදුරු සහ අත් හරින ලද හේන් භූමිවලින් සමන්විත වු කැලෑවකි. උද්‍යානය අක්කර 300ක භූමි භාගයක පැතිරී ඇත.

2013 නොවැම්බර් 14 උද්‍යානය විවෘත කර ඇත උද්‍යානය තුළ පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවට සහභාගී වූ ජනාධිපති වරු තිදෙනෙක් උප ජනාධිපතිවරු හත් දෙනෙක් අගමැතිවරු සිව් දෙනෙක් සහ විදේශ ඇමතිවරු ඖෂධීය ශාක පැළ රෝපණය කර තිබේ.

ජාතික උද්භිද උද්‍යාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණු අතර ශ්‍රී ලංකාවේ විතැන් ශාක සංරක්ෂණය කිරීම ශාක සම්බන්ධ පර්යේෂණ කිරීම පාරිසරික සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම නව උද්භිද උද්‍යාන පිහිටුවීම ඓතිහාසික වටිනාකමකින් යුත් ශාක සංරක්ෂණය කිරීම ශ්‍රී ලංකාවේ මල් වගාව වැඩි දියුණු කිරීම ද වෙයි වියළි කලාපයේ සහ අර්ධ ශුෂ්ක කලාපයේ ශාක සංරක්ෂණය කිරීම පිණිස හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය

උද්භිද උද්‍යානය නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවේ රජ සමයෙන් පසුව උද්භිද උද්‍යාන ඉදිකරනු ලබන්නේ ඉංග්‍රීසීන් මෙරට පාලනය කළ සමයේය. 1826 පේරාදෙනිය 1861 හග්ගල 1876 ගම්පහ සෙනරත් ගොඩ 2008 මිරිජ්ජවිල ද සීතාවක ද උද්භිද උද්‍යාන ආරම්භ කර තිබේ. සමූහ

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...