කොළඹ-නුවර දුම්රිය ගමනට වයස 150යි

රඹුක්කන උතුර සමුහ විපුල එස් කුමාරතුංග

අපේ රටේ ගමනාගමන ක්ෂේත්‍රයේ මහා පෙරළියක් කරමින් දුම්රිය ප්‍රවාහන සේවය කොළඹ සිට මහනුවර දක්වා ගමන් ආරම්භ කර මේ මස 26 දිනට වසර 150ක් සපිරේ.

1845දී අපේ රටේ දුම්රිය මාර්ඟය ඉදිකිරිමේ අරබමින් “ලංකා දුම්රිය සමාගම” නමින් සමාගමක් සිහිටුවා දුම්රිය මාර්ගය ඉදිකිරීමට මුල පිරුවද එවකට පැවැති ආර්ථකය හමුවේ එම ව්‍යාපෘතිය කල් දැමීමට සිදුවිය.

පසුව 1858 වර්ෂයේ අගොස්තු මස 3 වැනි දින එවකට අප රටේ ආණ්ඩුකාර තනතුර දැරු සර් හෙන්රි වෝර්ඩ්ගේ ප්‍රධානත්වයෙන් මරදානේදී දුම්රිය මාර්ගය තැනිම සදහා මංගල පස් පිඩැල්ල කපනු ලැබීය.

1864 වර්ෂයේදි කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය ඉදිකිරිම් අවසන් කළ අතර, 1864 වර්ෂයේ දෙසැම්බර් මස 27 වැනි දින අපේ රටේ ප්‍රථම දුම්රිය කොළඹ සිට අඹේපුස්ස දක්වා ගමන් ආරම්භ කෙරිණි.

1866 වර්ෂයේ මහනුවර දක්වා දිර්ඝ කරන ලද දුම්රිය මාර්ගයෙහි ප්‍රථම දුම්රිය ධාවනය 1867 වර්ෂයේ අප්‍රේල් මස 26 දින සිදු කෙරිණි.

එවකට සුදු අධිරාජයවාදීන් උඩරට ප්‍රදේශයෙහි වගාකළ තේ, කෝපි කොළඹට ගෙන ඒම සදහා මෙම දුම්රිය මාර්ඟය ආරම්භ කිරිමට මූලික හේතුවවිය.

එදා සුදු පාලකයන් විසින් ඉදිකරන්නට යෙදුණු මෙම දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා සැතපුම් 13කට අඩු දුරකදී අඩි 313 සිට 1700 ශ්‍රීඝ්‍ර නැගීමක් පවතී.

මෙම මාර්ඟය ඉදිකිරීමේදී විශාල වශයෙන් හමු වු කළුගල් වෙඩි බෙහෙත් දමා විනාශ කිරීමෙන් පසු මාර්ඟය සකස් කර ඇති බවට සාක්ෂි අදටත් එම මාර්ගයේ ගමන් කරන විට දැක ගැනීමට පුළුවනි.

අපේ රටේ දිගින් වැඩිම දුම්රිය වේදිකාව පවතින්නේ උඩරට දුම්රිය මාර්ගයේ ඇරඹුම වන රඹුක්කන දුම්රිය ස්ථානයයි. රඹුක්කනින් ආරම්භ වන උඩරට දුම්රිය මාර්ගයේ කඩිගමුව, ගංගොඩ, ඉහළ කොට්ට, බලන, කඩුගන්නාව තෙක් ගමන් කිරීමේදී වැලි බින් ගෙය, කොට බින් ගෙය, වැල්ගාලේ බින්ගෙයට අමතරව බින් ගෙවල් 10ක් කඩුගන්නාව දක්වා පසු කිරීමට සිදුව ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...